ප‍්‍රධාන පුවත්

ගෙවීගිය වසර තුන තුළ දී මේ ආණ්ඩුවේ රට බෙදන, රට විකුණන වැඩපිළිවෙළට එරෙහිව ජනතාව පෙළගැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් අතර ඉදිරියෙන්ම සිටින්නේ විමල් වීරවංශ මහතා බව ජානිපෙ නියෝජ්‍ය ලේකම්, පළාත් සභා මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ පිටකෝට්ටේ පිහිටි පක්‍ෂ ප්‍රධාන කාර්යාලයේදී පසුගිය දා පැවති මාධ්‍ය හමුවේදී ය.

“2015 ජනවාරි 08 වැනිදායින් පස්සේ යහපාලන කල්ලිය කල්පනා කළා සැබෑ විපක්‍ෂ බලවේග බිමට සමතලා කරලා වසර 20ක පමණ පාලනයක් එක දිගට ගෙන යන්න. ඒත් 2015 පෙබරවාරි 18 වන විට ඒ දේශදෝහී න්‍යාය පත්‍රය ආපසු හැරවීමට සමත් දැවැන්ත ජන බලයක් අපි නුගේගොඩ දී ඒකරාශී කළා. ඒ ක්‍රියාවලියේ මහ මොළකරු වූයේ අපේ පක්ෂයේ නායක විමල් වීරවංශ මහතා. ඔහු 2015 ජනවාරි 09 වැනිදාම කීවා, ‘අපිට මේ ද්‍රෝහී හවුල පරද්දන්න පුළුවන්. ඒ සඳහා අපි යළි නැගිටින්න ඕනෙ මහින්ද සමගයි’ කියා. ඔහු කීවා වගේම එදා මහින්ද වටා නුගේගොඩ දී ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක් එකතු වුණා.මේ යහපාලන නඩයට එරෙහිව සටන් වදින බව ඒ ජනතාව සපථ කළා.

ඒ වගේම ගෙවීගිය වසර තුන තුළ දී මේ ආණ්ඩුවේ රට බෙදන, රට විකුණන වැඩපිළිවෙළට එරෙහිව ජනතාව පෙළගැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් අතර ඉදිරියෙන්ම සිටින්නේ විමල් වීරවංශ මහතායි. ඒ නිසා මේ යහපාලනය පිඹුරුපත් සැකසුවා ජාතික නිදහස් පෙරමුණ, එහි නායකත්වය දුර්වල කරන්න.

නිරතුරුවම අපේ පක්‍ෂයේ දුර්වල අය බිලීබා ගැනීම සඳහා සිරිකොතින් හා ඩාර්ලි පාරෙන් පිඹුරුපත් සැකසුණා. මේ සඳහා අවශ්‍ය මුදල් වැඩි ප්‍රමාණයක් මුදා හැරියේ ‘රෝ’ ඔත්තු සේවය විසින් බව අනාවරණය වී තිබෙනවා.

අපේ පක්‍ෂය බිහි වී වසර 10ක් ගත වී නොමැති වුවත් එය මේ මව් පොළොව සමඟ හොඳින් මුල් ඇද අවසන්. එහි දේශපාලන මණ්ඩලයේ සහ මධ්‍යම කාරක සභාවේ අතිබහුතරය මස්තිෂ්කයට, අනුමස්තිෂ්කයට හා සුෂුම්නා ශීර්ෂකයටත් කිසි ගැටළුවක් නැති මේ මව් පොළොවට උරුම ඓතිහාසික සභ්‍යත්වය රැක ගැනීමට සූදානම් පිරිසක්.

ඒත් අප සමඟ සිටි සුෂුම්නා ශීර්ෂකය දුර්වල පිරිසක් දැන් සිරිකොතින් සහ ඩාර්ලි පාරෙන් ඩැහැ ගනිමින් තිබෙනවා. මේ ‘දෙකයි පනහේ’ කෑලි ගොදුරු කර ගනිමින් ගෙන යන මෙහෙයුම දෙස බලන විට එක අතකින් අප සතුටු වෙනවා. ඒ ජාතික නිදහස් පෙරමුණත්, එහි නායක විමල් වීරවංශත් විනාශ කිරීමෙන් තොරව තමන්ට පවතින්න බැහැ කියන එක මේ සතුරු කඳවුර තේරුම් ගෙන සිටීම ගැනයි.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More