දේශීය පුවත්

පාර්ලිමේන්තුව විසුරුවා හැරුණද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව පවතින කැබිනට් මණ්ඩලය මැතිවරණය අවසන් වන තුරු ක‍්‍රියාත්මක වන බව නීතිවේදීන් පෙන්වා දෙයි. ලංකා ලීඩ් නිව්ස් කළ කරුණු විමසීමකදී ඒ පිළිබඳ අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ, නීති අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, නීතිඥ රාජා ගුණරත්න මහතා මේ බව කියා සිටියේය.

‘‘ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදුවූවායින් පසුව මේ රටේ පාලන කටයුතු මැතිවරණයක් පවත්වා ප්‍රතිඵල නිකුත් කර නව ආණ්ඩුවක් පත් කරන තුරු ඒ අන්තර් කාලය තුල කුමන ආකාරයකින් ක්‍රියාත්මක වන්නේද කියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන වගන්තියේ 47 (1) වගන්තියේ දක්වා තිබෙනවා. මේ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරින විට පැවති ඇමති මණ්ඩලය පාර්ලිමේන්තුව විසුරුවා හැරියද දිගටම ක්‍රියාත්මක බවට පැහැදිලිව සදහන්ව තිබෙනවා. ඒ අනුව මෙම ඇමති මණ්ඩලය මැතිවරණයක් පවත්වා අවසන්වන තුරු ක්‍රියාත්මකව පවතිනවා.‘‘

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමේ නඩු නිමිත්තක් මතු නොවන බවද නීතිඥ රාජා ගුණරත්න වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

‘‘ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන හෝ වෙන්ත නිතියක මුලික අයිතිවාසිකම් විධිවිධානයක හෝ පාර්ලිමේන්තුවක් විසුරුවා හැරීම මුලික අයිතිවාසිකම් කඩවීමක් බවට නඩු නිමිත්තක් ඇතිවන්නේ නැහැ පුරවැසියෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යන්න. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යන්න පුළුවන් සෘජුම එකම අවස්ථාවට අනුව යන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මුලික අයිතිවසිකමක් කඩවීම. මුලික අයිතිවාසිකම් මොනවාද කියලා 10 වන වගන්තියේ ඉදලා 14 වන වගන්තිය දක්වා විස්තර කරලා තිබෙනවා. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, ජන්ද අයිතිය යන කාරණා. ඒ එකක් වත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා ඒ කියන මුලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවන්නේ නැහැ. ඒ නිසා කිසිදු පුරවැසියෙකුට මුලික අයිතිවාසිකම් කඩවුනා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යන්න හැකියාවක් නැහැ. වෙනත් ආකාරයකට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්ද කියලා මතුවන්නේ නැහැ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කෙලින්ම යාමේ හැකියාවක් නොමැති බව සදහන් කර සිට්යේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More