පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට විසිරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත්තේය. ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනය අද රාත්‍රී 11.45 ට නිකුත් කරන ලදි.
අභිනව පාර්ලිමේන්තුව 2019 ජනවාරි මස 17 වැනි දින කැඳවීමටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමට 2019 ජනවාරි මස 05 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමටත් ජනාධිපතිවරයා නියම කර ඇත.
නාමයෝජනා බාරගැනීමේ කාලය ලෙස 2018 නොවැම්බර් මස 19 සිට 26 වැනි දින සිට දහවල් 12.00 දක්වා කාලය ලබා දී තිබේ.
පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසුව භාරකාර රජයක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කැබිනට් මණ්ඩලය සම්පූර්ණ කිරීම අද පස්වරුවේ සිදු කෙරිණි.
2019 මහ මැතිවරණය පැරණි ඡන්ද ක්‍රමය මතම පැවැත්වීමට නියමිතය.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...