දේශීය පුවත්

ශ්‍රීලනිප හා ‍පොදුජන එක්සත් පෙරමුණ ඇතුළු පක්ෂ එක්ව නව පෙරමුණක් නිර්මාණය කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ අනුමැතිය දුන් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය එස්.බි. දිසානායක පැවැසීය.

ඔහු මේ බව පැවැසුවේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුවය. ජාතික ආණ්ඩුවෙන් දහසයේ කණ්ඩායම ඉවත් වී ඒකාබද්ධ විපක්ෂයට එකතු වූ විට වාසුදේව නානායක්කාර ඇමැතිවරයා නව සංවිධානයක් නිර්මාණය කිරීමට යෝජනා කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ ඊට අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය කමිටුවක් පත්කොට මෙම නව පෙරමුණ නිර්මාණය කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතී. එම නව පෙරමුණේ ලකුණ සමහර විට අලුත්ම ලකුණක් විය හැකි බව එස්.බි. දිසානායක අමාත්‍යවරයා පැවැසීය.

මෙම නව පෙරමුණ සඳහා ශ්‍රී ලනිපය, ‍පොදුජන එක්සත් පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය, සම සමාජ පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ආදී පක්ෂ ඇතුළත් වන අතර මෙහි මූලික කටයුතු කෙටුම්පත් කරමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More