දේශීය පුවත්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ දියණිය වන ඔනෙලා කරුණානායකට සියලු ලේඛන සහිතව ලබන සදුදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග නිකුත් කර තිබේ.

මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්ට හිටපු ඇමැති රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළව ඔහුගේ දියණිය වන ඔනෙලා කරුණානායක ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇයට කැඳවීමක් සිදුකර තිබිණි.

ඒ අනුව පසුගිය පස්වනදා ප්‍රකාශයක් ලබාදීමට ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් තිබිණි. ඇය සමඟ ඇගේ නීතිඥවරුන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළට යාමට අවසර නොදීම හේතුවෙන් තම සේවාදායිකාව ආපසු හැරී පැමිණි බවද ඇයගේ නීතිඥවරයා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැමිණිල්ලක් සිදු කරමින් දැනුම් දී ඇත.

එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත්තේ එදින ප්‍රකාශ ලබා දීම සඳහා පෙරවරු 9.30ට පැමිණෙන මෙන් ඔනෙලා කරුණානායක නමැත්තියට දැනුම් දී තිබූ නුමත් ඇය එදින පෙරවරු 9.08ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ආපසු හැරී ගොස් තිබූ නිසා ප්‍රකාශය සටන් කර ගැනීමට නොහැකි වූ බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඔනෙලා කරුණානායක නමැත්තියට සියලු ලේඛන සමඟ ප්‍රකාශයක් ලබාදීම සඳහා ලබන සඳුදා අධිකරණය හමුවේ පෙනී සිටින්නේ නියෝගයක් නිකුත් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More