දේශීය පුවත්

ඉදිරි මැතිවරණය පොදු ලකුණක් යටතේ තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම අතර මේ වනවිට සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.

මෙහිදී බොහෝ දෙනාගේ කැමැත්ත පළවී තිබෙන්නේ බුලත්කොළය ලාංඡනයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මැතිවරණවලට ඉදිරිපත් විය යුතුය යන්න බවද ප්‍රකාශ වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලාංඡනය යටතේ තරග කරන බවට ප්‍රකාශ වීමත් සමග ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමටද එක්විය හැකි සලකුණක් හා පෙරමුණක් වෙනුවෙන් මෙම සාකච්ඡා ආරම්භ කර තිබේ.

මෙහිදී අත ලකුණ යටතේ තරග කළ යුතු බවට පිරිසක් යෝජනාකර තිබෙන අතර,තවත් පිරිසක් පොහොට්ටුව යටතේ තරග කළ යුතු බවට යෝජනාකර ඇතැයි වාර්තාවේ.

එහෙත් බහුතරයකගේ අදහස වී තිබෙන්නේ සියලුදෙනාම එකට එකතුවී මැතිවරණයට ඉදිරිපත් විය යුතුය යන්නයි.

මේ අනුව බුලත්කොළය පොදු ලකුණ ලෙස යොදාගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කළ යුතු බවට බහුතර පිරිසක් යෝජනා කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More