දේශීය පුවත්

පාර්ලිමේන්තුව නැවත කැඳවන්නැයි පැවසීමට විදෙස් රාජ්‍යයකට අයිතියක් නැති බව, විදෙස් පුවත් විශ්ලේෂකයකු හා විචාරකයකු වන මොහාන් සමරනායක මහතා පවසයි.

ඊයේ (08) ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවතිමාධ්‍ය හමුවට එක්වෙමින් සමරනායක මහතා මේ බව කියා සිටියේය.

ඒ මහතා වැඩි දුරටත් පවසන්නේ යම් විදේශ රාජ්‍යයක්, ආයතනයක් හෝ නීති සම්පාදකයකු පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස ශ්‍රී ලංකාවට පවසන්නේ නම්, ඔවුන් ශ්‍රී ලංකාවේ දේශීය අධිකරණ බලසීමාව තුළ පවත්නා කරුණු සම්බන්ධයෙන් මැදිහත් වන බවත් ඔවුන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය පිළිබඳ නොසලකා කටයුතු කරන බවත්ය.

හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව යළි කැඳවීමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් ජෙනරාල් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා නයර්ට් හීදර් මෙන්ම සමහර තානාපති කාර්යාල නිකුත් කළ ප්‍රකාශ පිළිබඳ අදහස් පළකරමින් මොහාන් සමරනායක මහතා මෙසේ ප්‍රකාශ කළේය.

එක්සත් රාජධානියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ලෝඩ්ස්හි කොන්සර්වේටිව් සාමාජික මයිකල් මොරිස් නෙස්බි සාමිවරයා ඉකුත් අඟහරුවාදා නිකුත් කළ ප්‍රකාශය බව මොහාන් සමරනායක මහතා අවධාරණය කළේය. විදේශිකයන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීම නොකළ යුතු බව නෙස්බි සාමිවරයා පවසා තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ විධායකයේ යහපත වෙනුවෙන් කටයුතු කරන බව තමා විශ්වාස කරන බවත්, මේ දක්වා ව්‍යවස්ථා විරෝධී සිදුවීම් කිසිවක් පෙනෙන්නට නොතිබෙන බවත් ඔහු පවසා ඇති බව ඒ මහතා පවසයි‍. නෙස්බි සාමිවරයා වඩාත් නිවැරැදි බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ පැවැත්වීම වැළැක්වීම සහ ඒවාට බාධා කරන අවස්ථාවේ දී මෙම රටවල් සිටියේ කොහේදැයි මොහාන් සමරනායක මහතා මෙහිදී ප්‍රශ්න කළේය. පාර්ලිමේන්තුවේ සිටින සාමාජිකයන් 52 දෙනකුට එරෙහිව සාමාජිකයන් 16 කුගේ විරුද්ධ පක්ෂය ස්ථාපිත කරද්දී ඔවුන් ඊට එරෙහිව ඔවුන් කිසිවක් පැවසුවාදැයි ඒ මහතා විමසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More