ව්‍යාපාරික පුවත්

ලෝක බැංකුව වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන Doing Business index දර්ශකයේ නවතම සංස්කරණය වන ‘Doing Business 2019’ට අනුව ශ්‍රී ලංකාව පියවර 11කින් පෙරමුණට පැමිණ තිබේ.

ඒ අනුව Doing Business 2018 ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාව ලබා සිටි 111වැනි ස්ථානයේ සිට මෙවර 100 ස්ථානය දක්වා පියවර 11කින් පෙරමුණට පැමිණ තිබෙන බව එම දර්ශකය පෙන්වා දෙයි.

රටවල් 190ක් ඇසුරින් සිදුකර ඇති මෙම වර්ගීකරණයට අනුව 2017 වසරේ දී ශ්‍රී ලංකාව 110වැනි ස්ථානයේ පසුවිය.

මෙම වර්ගීකරණය සිදුකිරීමේ දී ව්‍යාපාරයක ජීව කාලයට බලපාන අංශ 10ක් කෙරෙහි විශේෂ අවධානය යොමුකරන අතර ව්‍යාපාරයක් ඇරඹීම, ඉදිකිරීම් අනුමැති ලබා ගැනීම, විදුලිය ලබා ගැනීම, දේපළ ලියාපදිංචිය, ණය ලබා ගැනීම, කුඩා පරිමාණ ආයෝජකයන්ගේ සුරක්ෂිතතාව, බදු, දේශසීමා අතර වෙළෙඳාම, බලාත්මක ගිවිසුම් සහ වස්තුභංගත්ව විසඳුම් ආදිය කෙරෙහි වැඩි අවධානයක් යොමුකර තිබේ.

‘Doing Business 2019″ නවතම වාර්තාවට අනුව ඉදිකිරීම් අනුමැති ලබාගැනීම, දේපළ ලියාපදිංචිය, බදු, බලාත්මක ගිවිසුම් යන අංශවලින් ශ්‍රී ලංකාව ප්‍රගතියක් ලබා ඇති බවද සඳහන් වෙයි.

මේ දර්ශකයට අනුව නවසිලන්තය, සිංගප්පූරුව, ඩෙන්මාර්කය, හොංකොං, කොරියාව, ජෝර්ජියාව, නෝර්වේ, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ මැසිඩෝනියාව යන රටවල් ඉදිරියෙන්ම පසුවන අතර සෝමාලියාව, එරිත්‍රියාව, වෙනිසියුලාව, යේමනය, ලිබියාව, දකුණු සූඩානය, කොංගෝ, මධ්‍යම අප්‍රිකානු ජනරජය, හයිටිය, චැඩ් යන රටවල් දර්ශකයේ පසුපසින්ම පසුවෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More