දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා අතර සාකච්ඡාවක් පැවැති බව වාර්තා වේ.

පෙරේදා (07දා) සවස 6.00ට පමණ මෙම හමුව සිදු වී තිබෙන්නේ හකීම් මහතා එදින මක්කම වන්දනාව යෑමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

වර්තමාන දේශපාලන තත්ත්වය සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ රවුෆ් හකීම් මහතා අතර සැලකිය යුතු වේලාවක් සාකච්ඡාව පැවැති බව වාර්තා වේ.

මෙදින රාත්‍රි 10.00ට පමණ හකීම් මහතා ඇතුළු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 07 දෙනකු මක්කම බලා පිටත්ව ගොස් තිබේ.

මීට අමතරව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු එහි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 05 දෙනකු 07 වැනිදා දහවල් 2.00ට පමණ මක්කම බලා පිටත්ව ගොස් තිබේ.

දේශපාලන අර්බුදකාරී අවස්ථාවලදී යම් යම් දේශපාලන තීන්දු ගැනීමට පෙර සම්ප්‍රදායක් ලෙස මක්කම ගොස් යාඥා කර ආශීර්වාද ලබා ගැනීම මුස්ලිම් නායකයන්ගේ සිරිතක් බවත් ඒ අනුව මෙම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 12 දෙනාම මක්කම ගිය බවත් ලබන 11 වැනිදා ඔවුන් මෙරටට පැමිණීමට නියමිත බවත් එම දේශපාලන පක්ෂ දෙකේ නියෝජිතයෝ දෙදෙනෙක් ප්‍රකාශ කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More