ව්‍යාපාරික පුවත්

කලක් අක්‍රීයව පැවැති බදු අභියාචනා කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත් කරමින් අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එම කොමිෂන් සභාව යළි සක්‍රීය කර ඇත.

විනිශ්චයකාර හෙක්ටර් යාපා මහතා බදු අභියාචනා කොමිෂන් සභාවේ සභාපති ලෙසද, විනිශ්චයකාර සුනිල් රාජපක්ෂ මහතා සහ හිටපු විගණකාධිපතිවරයෙකු වන එස්. ස්වර්ණජෝති මහතා එහි සාමාජිකයන් ලෙස පත්කරනු ලැබ ඇත.

2011 අංක 23 දරණ බදු අභියාචනා කොමිෂන් සභා පනත යටතේ පිහිටුවා ඇති මෙම බදු අභියාචනා කොමිෂන් සභාව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා හෝ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ බදු ගෙවන්නෙකුට ඇතිවන්නා වූ යම් ආරවුලක් වේනම් ඉක්මනින් විසඳා ගැනීමට පහසුකම් සැලසෙයි.

බදු ගෙවන්නෙකුට තමන්ගේ වාර්තාව අනුව ගෙවිය යුතු යම් බද්දක්, ගාස්තුවක් හෝ අයකිරීමක් පැනවීම හා අදාළ යම් කාරණාවක් සම්බන්ධයෙන් යම් දුක් ගැනවිල්ලක් තිබේ නම් ඒවා මෙම කොමිෂන් සභාවට යොමුකළ හැකිය.

එම අභියාචනා විභාග කිරීමෙන් අනතුරුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හෝ රේගු දෙපාර්තමේන්තුව විසින් දෙන ලද තීන්දු හා නියමයන් අඩු කිරීමට, සංශෝධනය කිරීමට හෝ සනාථ කිරීමට මෙම කොමිෂන් සභාවට බලය හිමිවේ.

මෙම කොමිෂන් සභාව ඉදිරියේ දැනටමත් බදු ගෙවන්නන් විසින් ඉදිරිපත් කරන ලද අභියාචනා 224 ක් නොවිසඳී තිබෙන බැවින් මෙම කොමිෂන් සභාව සක්‍රීය කිරීම සමඟ මෙම අභියාචනා සඳහා කඩිනම් විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

බදු ගෙවන්නන් හට තම ගැටළුවලට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා බදු අභියාචනා කොමිෂම වැනි ආයතනයන් සක්‍රීය කිරීමෙන් ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර පහසු කිරීමේ වාතාවරණයන් තවදුරටත් පුළුල් වනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More