දේශීය පුවත්

ජනාධිපතිවරයා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම නිසා පැන නැගුණු දේශපාලන අර්බුදය දැන් ව්‍යවස්ථා අර්බුදයක් බවට පත්වී ඇති බව ආචාර්ය ගුණදාස අමරසේකර මහා පවසයි.
‍ෙ
රාජගිරිය පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදී අද(08) ජාතික සංවිධාන එකමුතුව කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මෙසේද කීය.

‘‘ජාතික සංවිධාන එකමුතුව විදියට අපි පසුගිය දිනවල මෛත‍්‍රිපාල සිරිසේන මහතා දැඩි ලෙස විවේචනයට ලක්කළා. ඒ අපේ පෞද්ගලික ප‍්‍රශ්න නිසා නෙමෙයි. එතුමා පසුගිය වසර තුනක කාළයේ ක‍්‍රියා කරපු ආකාරය පිලිබඳවයි අපි විවේචනය කළේ. ප‍්‍රමාද වී හෝ එතුමා ගත්ත මේ තීන්දුව අපේ ප‍්‍රසාදයට හේතු වි තිබෙනවා.

රනිල් වික‍්‍රමසිංහ මහතා තවත් මාස දෙකක් මේ රට පාලනය කලා නම් ඒක මේ රටේත් ජනතාවගේත් අවසානය වෙන්න තිබුණා. නව ව්‍යවස්ථාව සම්පාදනය කිරිමේ කටයුතුවල රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පිරිස පසුගිය දිනවල සක‍්‍රීයව නිරත වී සිටියා. බටහිර බලවේග විසින් වික‍්‍රමසිංහ මහතා බලයට ගෙනාවේ නව ව්‍යවස්ථාව සම්මත කර ගැනිමේ අරමුණ ඇතිවයි.

මේ වගේ රටට අහිතකර වැඩපිළිවලක් ක‍්‍රියාත්මක වූ මොහොතක මෛත‍්‍රිපාල සිරිසේන මහතා අරගෙන තියෙන්නේ නිර්භීත තීරණයක්. රට ජාතිය වෙනුවෙන් සිතා එතුමා ගත් මේ ක‍්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාවට අනුකූලයි. ඒකට වැරදි අර්ථකතන දෙන එක අපි අනුමත කරන්නේ නැහැ. පාර් ලිමේන්තුවේ 225 දෙනාට ප්‍රශ්නය විසදීමට නොහැකි බව දැන් ඔප්පු වෙමින් පවතින නිසා එය විසදීම මහජනයාට බාර දීම හොදද විසදුම.

දැන් බහුතරයක් ගැන කතා කරනවා. ඔලූගෙඩිවලින් බහුතරය බලනවට වඩා පෙබරවාරි 10 වැනි දා පැවැති පළාත් පාළන මැතිවරණයෙන් අපි දැක්කා ජනමතය කොහෙද තියෙන්නේ කියලා.

ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපති තීරණය කළොත් කවුද අගමැති කියලා අපි එම තීරණයට ගරු කළ යුතුයි. පුළුවන් ඉක්මණට පාර්ලිමේන්තුව විසුරුවා අලූත් පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමට ජනාධිපතිවරයා වහාම කටයුතු කළ යුතුයි’’ යැයිද ඔහු එහිදී පැවසීය.

මෙම මාධ්‍ය හමුවට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම, ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක, වෛද්‍ය වසන්ත බණ්ඩාර, අනුරාධ තෙන්නකෝන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More