දේශීය පුවත්

හිටපු අග්‍රාමාත්‍යවරයා සහ හිටපු අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් පොදු දේපල අවභාවිත කරමින් සිටින බවට චෝදනා කරමින් පොලිස්පතිවරයාට සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය පවසයි.

අද(08) දිනයේ අදාළ පැමිණිලි ඉදිරිපත් කරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් ජයසුන්දර මහතා පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර අදට දින 13කට ආසන්න සංඛ්‍යාවක් ගතවී ඇතත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අරලියගහ මන්දීරයේ රැදී සිටිමින් පොදු දේපල සාවද්‍ය පරිහරණයක යෙදී සිටින බව ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම හිටපු අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් තම නිල වාහන හා නිල නිවෙස් මේ දක්වා ලබාදී නොමැති අතර ඇතැම් අමාත්‍යවරුන් තමා අමාත්‍යධුරය දැරූ අමාත්‍යාංශ වලට ඇතුළු වී පොදු දේපල අවභාවිත කර ඇති බව අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More