නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙක් මිට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබේ.
ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දී මොවුන් දිවුරුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ඒ අනුව, දිවුරුම් දුන් නව අමාත්‍යවරුන් මෙලෙස දැක්වෙයි.
කැබිනට් අමාත්‍යවරුන්,
බන්දුල ගුණවර්ධන මහතා – ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය
සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය
රාජ්‍ය අමාත්‍යවරුන්,
සී.බී රත්නායක මහතා – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
සාලින්ද දිසානායක මහතා – දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
ලක්ෂමන් වසන්ත පෙරේරා මහතා – ජාත්‍යන්තර වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
එස්.එම්.චන්ද්‍රසේන මහතා – සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය
අනුර ප්‍රියදර්ශන යාපා මහතා – මුදල් රාජ්‍ය අමාත්‍ය







ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...