දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාව පත්කරනු ලැබූ ගැසට් නිවේදනය තමන් පිළිගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (7දා) පස්වරුවේ පැවැති පක්ෂ නායක හමුවේදී පිළිගෙන තිබේ.

එහෙත් මෙම අර්බුදය මැද රට අස්ථාවර වී තිබෙන මොහොතක, රටත් ලෝකයත් ඒ දෙස බලා සිටින නිසා පළමුව සිදුවිය යුත්තේ රට ස්ථාවර කිරීම සඳහා බහුතරය පෙන්වීම බවද කථානායකවරයා මෙහිදී අවධාරණයකර තිබේ.

ඒ අවස්ථාවේ බහුතරය ඇත්තේ කාටද යන්න පිළිබඳව කතා කිරීමට ගොස් පක්ෂ නායක හමුව සඳහා පැමිණ සිටි ආණ්ඩු පක්ෂ – විපක්ෂ මැති ඇමැතිවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වී තිබේ.

පැමිණ සිටි සියලු දෙනා අදහස් දැක්වීමට යෑම නිසා පක්ෂ නායක හමුව එකම ගාලගෝට්ටියක් බවට පත්ව ඇත.

මෙහිදී ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන් කථානායකවරයාට දැඩිව පවසා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කරන ලෙසය.

පාර්ලිමේන්තුව වාර අවසන් කර ඇති මොහොතක එය යළි ආරම්භ කිරීමට ඇති සම්ප්‍රදාය අනුගමනය කරන ලෙසද ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන් කථානායකවරයාට පවසා ඇත. එහිදී විපක්ෂයේ මන්ත්‍රිවරුන් පවසා ඇත්තේ එම සම්ප්‍රදාය කුමක් වුවද ස්ථාවර නියෝග වෙනස් කර හෝ පාර්ලිමේන්තුව ආරම්භ වන දිනට බහුතරය කාටදැයි විමසිය යුතු බවයි.
මෙහිදී නව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා ඇත්තේ ආණ්ඩු පක්ෂයට 113ක බහුතරයක් ඇති බවයි.

වාසුදේව නානායක්කාර ඇමැතිවරයාද එහිදී ඉතා දැඩිව අදහස් දක්වා ඇත.

ඊට පිළිතුරු දුන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ “මට මහලු වයසේ බැරිය වෙන ගායනා පෙර සේ” කියාය.
අවසානයේ මෙම හමුවද එකඟතාවකින් තොරව අවසන් කිරීමට කථානායකවරයාට සිදුවිය.

මේ සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, අනුර යාපා, චන්දිම වීරක්කොඩි, තිලංග සුමතිපාල, වාසුදේව නානායක්කාර සහ රංජිත් ද සොයිසාද, විපක්ෂය නියෝජනය කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, රවි කරුණානායක, රාජිත සේනාරත්න, අජිත් පී. පෙරේරා, චම්පික රණවක සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක එක්ව සිටියහ.

විපක්ෂ නායක ආර්. සම්පන්දන් සහ එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රිවරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.
පක්ෂ නායක රැස්වීමේදී ඉදිරිපත් වූ කරුණු සම්බන්ධයෙන් කතානායකවරයාගේ මතය ප්‍රකාශ කෙරෙන නිවේදනයක් කථානායක මාධ්‍ය අංශය විසින් ඊයේ රාත්‍රි නිකුත් කර තිබිණි.

-Mawbima



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More