දේශීය පුවත්

පාර්ලිමේන්තුව රැස්වන ලබන 14 වැනිදා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දරමින් විපක්ෂ නායකට හිමි පුටුවේ අසුන් ගනු ලබන්නේ දැනට එම ධුරය දරන ආර්. සම්බන්දන් මහතාද එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාද යන අර්බුදය පැන නැගී ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව අගමැතිවරයාට සහ සෙසු අමැතිවරුන්ට පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමට කථානායක කරු ජයසූරිය මහතා පක්ෂනායකයන් හමුවේ එකඟ වීමත් සමග මෙම ගැටලුව මතුවී තිබේ.

පාර්ලිමේන්තුව නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාව පිළිගැනීමත් සමග බහුතරය හිමි විපක්ෂය බවට පත්වනුයේ එක්සත් ජාතික පක්ෂයයි. දෙමළ ජාතික සන්ධානයට ඒ අනුව විපක්ෂනායක ධුරය දැරීමට නොහැකි වනු ඇත. නමුත් දැනට පවතින වාතාවරනය යටතේ ආර්. සම්බන්දන් මහතා තවදුරටත් විපක්ෂනායක ලෙස කටයුතු කරනු ලබයි. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ අගමැතිවරයාගේ අසුන අහිමි වීමත් සමග ඔහු අසුන් ගනු ලබන්නේ කුමන අසුනකද යන අර්බුදය මතු වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More