දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග යන මහත්වරුන්ට විරුද්ධව රාජ්‍ය දේපොළ සාවද්‍ය ලෙස පරිහරණය කිරීම යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අරලියගහ මන්දිරයේ සිටීමත්, පාඨලී චම්පික රණවක මහතා මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට ඇතුළුවීමත්, අර්ජුන රණතුංග මහතා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ඇතුළුවීමත් නීතීයට පිටින් සිදුව තිබෙන බව එම සංගමය පෙන්වා දෙයි.

අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් ජයසුන්දර මහතා සඳහන් කළේ දේශපාලන පෙරළියෙන් පසුව තනතුරක් නොමැතිව රාජ්‍ය දේපොළ සාවද්‍ය ලෙස පරිහරණය අමාත්‍යවරුන්ගේ හිටපු ලේකම්වරුන්ට සහ රාජ්‍ය සංස්ථා, අධිකාරි හා දෙපාර්තමේන්තුවලට බලෙන් ඇතුළුවී තනතුරු බලහත්කාරයෙන් ලබාගෙන සිටින පුද්ගලයන්ට විරුද්ධව ද නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More