දේශීය පුවත්

මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍යධුරය ලබාදීමට හැකියාව ලැබුණේ තමන් ඇතුළු පිරිසක් යහපාලන ආණ්ඩුවට එක්වීමට සිටි නිසා යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ නව අග්‍රාමාත්‍ය විජිත් විජේමුණි සොයිසා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට බලයක් ලබාදීමට හැකියාවක් නොමැති වූ නමුත් ඒ සඳහා හැකියාව යහපාලන ආණ්ඩුව සමඟ සන්ධානගත වී සිටීම නිසා නිර්මාණය වූ බව අමාත්‍යවරයා ශ්‍රී දළදා මාලිගාවේ පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව කීවේය.

එක්සත් ජාතික පක්ෂයට යටත් නොවී මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිධුරය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හැකිවීම පිළිබඳ නිරාමිස ප්‍රීතියක් හා ගෞරවයක් ඇතැයි කී අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම මම අනුමත කරන්නේ නැහැ. එතුමාට ආරක්ෂාව දිය යුතුයි. ආරක්ෂාව දීම මත එතුමා පමණක් නොව පාක්ෂිකයන් ද සෑහීමකට පත් වෙනවා. මේ සියල්ලන්ම රටේ ජනතාවයි. රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව විසින් පත් කරන ලද නායකයෙකි. එසේ නම් ඔවුන්ගේ ආරක්ෂාවට සහතිකයක් ලබා දිය යුතුයි.

මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව අප්පච්චි මළා යැයි කියූ අමාත්‍යවරයා මීට පෙර අවස්ථාවක කළ ප්‍රකාශය පිළිබඳව විමසීමේදී එම අමාත්‍යවරයා කියා සිටියේ නයකු දෂ්ට කොට මියගිය පසු දේහය රුක් අත්තනවලින් සකස් කළ පෙට්ටියක තැන්පත් කළ පසු දේහයට පණ එන බවයි. ඒ අයුරින් තවමත් එතුමා මිය ගොස් නැති බව සිහිපත් කළ යුතුයි.

මව්බිම



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More