නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
පසුගිය නොවැම්බර් මස 1 වන දින ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දී මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දෙනු ලැබීය.
පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ ඇති වු දේශපාලන වාතාවරණය දෙස අවදානය යොමු කිරීමේ දී, ඇති වු ප්‍රජාතන්ත්‍ර විරෝධි සහ යහපාලන මුලධර්මවලට පටහැනි පත්වීම්වලට තමාට එකඟතාවය පල කිරීම අසීරු බව ද මනූෂ නානායක්කාර මහතා සඳහන් කරයි.
තව දුරටත් ආරංචිමාර්ග පවසා සිටින්නේ අස්විමේ ලිපිය භාරදිමෙන් අනතුරැව මේ වන විටත් මනුෂ නානායක්කාර මන්ත්‍රිවරයා සිංගප්පුරැවේ සංචාරයක නිරත වි ඇති බවයි.
මන්ත්‍රිවරයා විසින් ජනපතිවරයාට යවා ඇති ඉල්ලා අස්විමේ ලිපිය පහත දැක්වේ.
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.
අතිගරු ජනාධිපතිතුමනි,
නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමයි
ඔබතුමන් විසින් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යධූරයට පත් කිරීමෙන් සහ පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසුව රට තුළ උද්ගතවූ දේශපාලන අස්ථාවරත්වය පිළිබද කාරුණික අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. උද්ගතවූ තත්වය පිළිබද ඔබතුමන් සමග කළ සාකච්ඡා අනුව සහ ඔබතුමාගේ උපදෙස් මත කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යධූරය භාරගතිමි.
නමුත් ගරු කතානායකතුමා නිකුත් කළ නිවේදනය මගින් වඩාත් බැරෑරුම් කරුණු ඉස්මතු කර ඇති බව මාගේ විශ්වාසයයි. ගරු කතානායකතුමන්ගේ නිවේදනය අනුව පාර්ලිමේන්තුව කල් දැමීම, ව්‍යවස්ථානුකූල නොවන, නීත්‍යානුකූල නොවන සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායට ඉදුරාම පටහැනි ක්‍රියාදාමයකි. විශේෂයෙන්ම ගරු කතනායකතුමන්ගේ නිවේදනයේ පහත සදහන් කොටස් උපුටා දැක්වීමට කැමැත්තෙමි. “පාර්ලිමේන්තුවේ ඇති කළ වෙනස්වීම් සියල්ල ව්‍යවස්ථා විරෝධී සහ සාම්ප්‍රදාය විරෝධීව සිදුකර ඇති බව බහුතරයේ අදහස වන බැවින් මෙම වෙනස්වීම්වලට පෙර පැවති තත්වය පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය ඉල්ලා ඇති හෙයින් ඔවුනට හා නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවති තත්වය පිළිගැනීමට මා හට සිදුවන බව අවධාරණය කරමි.“
අතිගරු ජනාධිපතිතුමනි,
අප විසින් නව තනතුරුවල දිවුරුම්දෙන ලද නව රජයට මෙතෙක් කිසිදු ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබී නැති බව ඔබතුමා මැනවින් දන්නා කාරණයකි. මෙම තත්වය ප්‍රජාතන්ත්‍රවාදය සදහා වන මාගේ හෘදය සාක්ෂිය දැඩි ලෙස කැළඹූ අතර, ඒ පිළිබද මාගේ දේශපාලන හිතවතුන් සහ පාක්ෂිකයින් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළෙමි. මාගේ හෘදය සාක්ෂියේ සහ දේශපාලන අනුගාමිකයින්ගේ අදහස වූයේද ව්‍යවස්ථානුකූල නොවන සහ නීත්‍යානුකූල නොවන ආණ්ඩුව තුළ තවදුරටත් රැදී සිටිය නොහැකි බවයි. ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලනික විශ්වාසයන් හා හෘදසාක්ෂිය මත තවදුරටත් ආණ්ඩුව තුළ කටයුතු කළ නොහැකි බැවින් මා හට හිමිවූ නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළෙමි.
2015 ජනවාරි 8 වැනිදා ඔබතුමන් වෙත ලැබුණ ජනවරම සහ ඉන් අනතුරුව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම කෙරෙහි අවධානය යොමු කරමි. එහි මූලිකාංග වූයේ බලය අනිසි ලෙස භාවිතා කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදී නොවන කාර්යයන්ට තිත තැබීමය. මේ දක්වා ඔබතුමන් මාවෙත දැක්වූ සහාය හා විශ්වාසය කෙරෙහි මාගේ කෘතඥතාවය පුදකිරීමට කැමැත්තෙමි.
නමුත් උද්ගතවී ඇති වාතාවරණය හමුවේ කතානායකතුමාගේ ප්‍රකාශය පිළිගනිමි. පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහාය හිමිව ඇති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා නීත්‍යානුකූල හා ව්‍යවස්ථානුකූල අගමැතිවරයා ලෙස පිළිගනිමි.
ස්තුතියි,
විශ්වාසී,
මනුෂ නානායක්කාර
(පාර්ලිමේන්තු මන්ත්‍රී)
මනූෂ එජාපයට එක්වූ බව කියයිසන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ. ඔහු දැරූ නියෝජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්ව මෙසේ එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි. එසේම ඉදිරියේදී තවත් පිරිසක් එක්වීමට නියමිත බවද මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි. ආණ්ඩු පක්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂයට එක්වූ පළමු මන්ත්‍රීවරයා වන්නේ මනූෂ නානායක්කාර මහතායි. ඔහු සන්ධානයට එක්වීමට පෙර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළේය.
Gepostet von Lanka Lead News am Dienstag, 6. November 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...