දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ ආණ්ඩුව පිහිටුවීම සදහා 113 ක බහුතරය සාදා අවසන් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජන මහිම රැළිය අමතමින් ජනපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය

” මම සතුටුවෙනවා අවුරුදු හතරකට පස්සේ මහින්ද රාජපක්ෂ මහතාටත් මටත් එකම වේදිකාවකට එන්න ලැබීම ගැන. නොවැම්බර් මාසය පුදුම මාසයක්. 2014 මම මහින්ද රාජපක්ෂ මහතාගේ කැබිනට් මණ්ඩලයෙන් ඉවත්වුණා. 2018 නොවැම්බර් මාසයේදී අපි එකම වේදිකාවකට ආවා. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කිරිමෙන් බලාපොරොත්තු වුණේ, පුටවට මාරු කළේ ශරීර දෙකක් නෙමෙයි. මේ මාරු වුණේ මිනිස්සු දෙන්නෙක් නෙමයි. මේ මාරු වුණේ මේ රටට අහිතවත් අපට නොගැලපෙන අපේ සිතුම් පැතුම් හඳුනා නොගත් දර්ශණයයි අපි පුටුවෙන් ඉවත් කළේ.

අපි පාර්ලිමේන්තුව ශක්තිමත් කරනවා. 113 සැක හිතන්න එපා. 113 හදලා ඉවරයි. අපිට රට කරගෙන යන්න ඉඩ දෙන්න කියල රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටිනවා. මේ රටේ පොදු ජනතාවගෙන් අති බහුතරයක් අපි ගත්ත තීන්දුවේ ඉන්නවා. ජනතාව එක්ක සෙල්ලම් කරන්න එපා රනිල් වික්‍රමසිංහ මහත්තයා. ජනතාවගේ හෘද සාක්ෂිය තේරුම් ගන්න. කළ යුතු වෙනස්කම් අපි කරනවා.

113 ගැන සැක හිතන්න එපා.. අපි 113 හදලා ඉවරයි – ජනපති ‌මෛත්‍රී

Gepostet von Lanka Lead News am Dienstag, 6. November 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More