දේශීය පුවත්

ජන මහිම රැළිය අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දක්වන අදහස්.

“අපි වෙන්වෙලා හිටියා නොයෙක් දේවල් එකිනොකට කියා ගත්තා. මේ අවස්ථාවේදි ජනධිපතිවරයා මේ රටේ ජනතාවගේ තීන්දුව පිළිඅරගෙන රට වෙනුවෙන් වගකියයුතු තීන්දුව ගැනීම ගැන ස්තූතිය ප්‍රකාශ කරනවා.

මේක භාරදූර කාර්යයක්. මම ජනාධිපතිවරයා ලෙස හිටියනම් මේ දේ කරන්නේ නෑ කියලා මම එතුමට කිව්වා. මම නම් බැදගත්ත බෙරේ ගහනවා කිව්වා. අපිට වැඩ කරන්න අමාරු නෑ.

තාවකාලිකව ඈත්වෙලා හිටියේ එක්කහු වෙන එක අරුමයක් නෙමෙයි. එකතු වුණේ රට වෙනුවෙන්. සංවර්ධනය නැවත ආරම්භ කිරීම වෙනුවෙන්, රට ලෝකයේ අනෙකුත් රටවල් සමග එක්ව වැඩ කරන්න ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්න අපි එකට බැඳී සිටිනවා.

අද සියලු දෙනාම විශාල කැපවීමක් කරලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාවට සහන සැලසීමටයි. ඉස්සරත් මෛත්‍රීපාල සිරිසේන මහතා ලේකම් ඉන්දැද්දී මම වචන දෙක තුනක් කතා කරලා ෂේප් වෙනවා. අදත් කරන්නේ ඒ දේමයි. මේ එකතුව ආයෙමත් කේලම් වලින් කඩන්න බෑ. අපි ස්ථාවරත්වයට ඇවිත් තිබෙනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More