ඊයේ පාර්ලිමේන්තුව තුළ දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදු වූයේ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ මහතා අතරය.මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවති කාරක සභා අවස්ථා විවාදයේදී මෙම සංවාදවය ඇති විය.
සරත් ෆොන්සේකා අමාත්‍යවරයා ඊයේ කාරක සභා අවස්ථාවේ වැය ශීර්ෂය පිළිබඳව විවාදයට සහභාගි වෙමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි ලෙස විවේචනයට ලක් කළේය.
විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ මහතා ඊට ප්‍රතිචාර දැක්වීම නිසා මෙම උණුසුම්කාරී තත්ත්වය ඇති විය.
පො….. යා සහ පි…සා යන වචන මැතිසබය තුළ රැව්දුන් අතර මෙම බැන ගැනීම් විනාඩි කිහිපයක් තිස්සේම පැවැතුණි.
මැතිසබය තුළ මෙසේ බැන නොගන්නා ලෙසත් මෙසේ බැන ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා වෙනත් ස්ථානයක් තෝරා ගන්නා ලෙසත් එම අවස්ථාවේදී මුලසුනේ සිටි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා විසින් ප්‍රකාශ කරන ලදී.
‘ඡන්ද පොඩ්ඩක් අරගෙන ජාතික ලැයිස්තුවෙන් ඇතුළට ඇවිල්ලා මෙතැන අභූත චෝදනා එල්ල කරනවා’ යනුවෙන් ගාමිණී ලොකුගේ මන්ත්‍රිවරයා චෝදනා එල්ල කළේය.
එම වීඩියෝව පහතින්-
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...