කථානායකවරයා පක්ෂග්‍රාහීව සහ පක්ෂයකට වාසි වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම ව්‍යවස්ථා විරෝධී මෙන්ම සම්මතයට පටහැනි බව විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.
මේ මොහොතේ කොළඹ පැවැත් වෙන ආණ්ඩු පක්ෂයේ, මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
අද උදෑසන කථානායක කරූ ජයසූරිය මහතා, නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්ත්වය පිළිගැනීමට තමාට සිදුවන බවයි.
මෙම නිවේදනය හෙළා දකින බව ද සරත් අමුණුගම මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ, මෙය කථානායකවරයා විසින් ගන්නා ලද පෞද්ගලික හා දේශපාලනික පළිගැනීමක් වන බවත්, එය කථානායකවරයෙකුට කිසිසේත් සුදුසු නොවන බවයි.
කිසිදු පක්ෂයට වාසි වන ලෙස ප්‍රකාශ කිරීම ව්‍යවස්ථා විරෝධී වන බව ද අමුණුගම මහතා කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...