මෙවර පළාත් පාලන මැතිවරණය ජාතික බලවේගවල ජයග්‍රහණය උදෙසා ගෙන යන ජනමත විචාරණයක් බවට පත්කර ගත යුතු යැයි ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවැසීය.
ඔහු එම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (30දා) ජාතික සංවිධාන එකමුතුව නාවල පාර කාර්යාලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය.
එහිදී අමරසේකර මහතා මෙසේද කීය.
විජාතිකයන්ගේ වුවමනා ඉටු කිරීමට සකස් කළ මේ අය – වැය ජාතික අය – වැයක් නොවෙයි විජාතික අය – වැයක්.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ඉන්දියාව කියා තිබුණා ශ්‍රී ලංකාව ඔරුමිත්ත නාඩුවක් කරන්න කියලා. මෙවර ඡන්දය ජාතික විමුක්ති සටනක් විය යුතුයි. එක් පක්ෂයක් පරදවා තවත් පක්ෂයක් ජයග්‍රහණය කිරීමට වඩා ඒක වැදගත්.
ඒකාබද්ධ විපක්ෂයත් ජාතික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ සඳහා ජනතාව දැනුවත් කිරීමේ වගකීම සංඝ රත්නය ඇතුළු ජාතික බලවේග අතට ගත යුතුයි.
අපිට පක්‍ෂ දෙකක් එකතුවීම වැදගත් නැහැ. විජාතික ආණ්ඩුවට එරෙහිව සියලු බලවේග එකතු කිරීම සියලු දෙනාගේ අභිමථාර්ථය විය යුතුය. ඒ ජාතික න්‍යාය පත්‍රය මත කටයුතු කළ යුතුයි.
ජේයෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා,
අද ජාතියේ ස්වාධීනත්වය පිළිබඳ කිසිදු තැකීමක් නොකරන අන්ත දක්ෂිණාංශික නව නිදහස් පාලනයක් වත්මන් අගමැතිවරයා ක්‍රියාවට නංවනවා. ඔහු මේ රට ලෝක ධනපතින්ගේ වෙළෙඳපොළක් බවට පත් කිරීමට ‘යළි පුබුදමු ශ්‍රී ලංකා’ වැඩසටහන ගෙනාවා. 2004දී ඒක පරාජය වුණා. ඔහුට සෘජු මහජන සහාය ගන්න බැහැ. ඒත් වක්‍ර මාර්ගවලින් බලය අරගෙන යළිත් 2001 වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා තිබෙනවා.
නීල හරිත ආර්ථිකය කිව්වත් ඇත්තටම සිදු වන්නේ ආර්ථිකය නිදහස් කිරීම වේගවත් කිරීමයි. ඒත් මේ පිළිවෙත අත්හදා බැලූ හැම රටක්ම අසාර්ථක වී තිබෙනවා.
උග්‍ර ධනවාදී ආර්ථික පිළිවෙතක් අනුගමනය කළ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරන්න උත්සාහ ගත්තා. ඒත් වත්මන් අගමැතිවරයාට එවැනි හැඟීමක්වත් නැහැ.
වෛද්‍ය වසන්ත බණ්ඩාර,
දඹර අමිල හාමුදුරුවො ජනාධිපතිට තර්ජනය කරනව මහින්ද රාජපක්ෂ එක්ක එකතු වෙන්න එපා කියලා. මුරුත්තෙට්ටුවෙ හාමුදුරුවො මහින්ද රාජපක්ෂට කියනව ජනාධිපති එක්ක එකතු වෙන්න එපා කියලා. මේක ඛේදවාචකයක්. එජාප න්‍යාය පත්‍රය පරාජය කරන ජාතික න්‍යාය පත්‍රයකට සියලු දෙනා එකතු විය යුතුයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...