දේශීය පුවත්

අද දහවල් 12 සිට පාර්ලිමේන්තුව අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ආණ්ඩුවට සහය පළ කරමින් අද පැවැත්වීමට නියමිත රැළියක් හේතුවෙන් එම පියවර ගත් බවයි.

අදාළ කාල සීමාව තුළ විකල්ප මාර්ග භාවිත කිරීමට පියවර ගන්නා ලෙස පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ රජයට සහාය පළ කරමින් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ එක්ව පාර්ලිමේන්තුව අශ‍්‍රිත ප‍්‍රදේශයේ පැවැත්වෙන ජන උද්ඝෝෂණයට ආරක්ෂක රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 1500ක් යෙදවීමට පොලීසිය පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ඊයේ (04) කොළඹ දී ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

මෙම ජන උද්ඝෝෂණයට සැපයෙන පොලිස් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා පොලිස් මූලස්ථානයේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කියා සිටියේය.

ඒ අනුව එම උද්ඝෝෂණය පැවැත්වෙන පාර්ලිමේන්තුව ආසන්නයේ තිබෙන දියත උයන , පාර්ලිමේන්තු වටරවුම ආශ‍්‍රිතව ආරක්ෂක රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 1200ක් ද , රථ වාහන හැසිරවීම සඳහා තවත් පොලිස් නිලධාරීන් 300 ක්ද යෙදෙවෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

එසේම මෙම උදඝෝෂණයට ඉතා විශාල පිරිසක් පැමිණෙන බවට තොරතුරු ලැබී ඇති හෙයින් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්ද ඊට අවශ්‍ය පූර්ණ ආරක්ෂාව ලබා දෙන බවද පොලිස් අධිකාරි රුවන් මහතා කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More