ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂ දෙකේ සහය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නව රජයට එක්කර ගැනීමට පැවැත්වූ සාකච්ඡා සාර්ථක වී ඇතැයි ආරංචි මාර්ග පවසයි.
රවුෆ් හකීම් මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පසුගිය බ්‍රහස්පතින්දා ආගමික නායකයන් වන (ජමියතුල් උළෙමා) සංවිධානය සමඟ කළ සාකච්ඡාවකින් පසුව බව ඒ ගැන මූලික තීන්දුවක් ගෙන ඇතැයි වාර්තා වේ. පසුව නැගෙනහිර ජනතාවගෙන්ද විමසා සිය තීරණය සති අන්තයේ ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බව පක්ෂ නායකත්වය ප්‍රකාශ කර තිබේ.
ඉක්මන් ක‍්‍රියාමාර්ගයක් නොගන්නේ නම් තව දුරටත් අල්ලාගෙන සිටීමට නොහැකි බව පක්‍ෂ නායක රවුෆ් හකීම් ඊයේ දිනයේදී හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දැනුවත් කර තිබිණ.
ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතාද ආගමික ආශිර්වාද ලබා ගෙන සිය මන්ත්‍රීන්ගේ අනුමැතිය ලබාගෙන නව රජයට සහාය වන බවට දැනටමත් ජනාධිපතිවරයාගේ පාර්ශව වෙත දන්වා ඇතැයි වාර්තා වේ.
දැනට පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට මන්ත්‍රී ධූර 07ක්ද මහජන කොංග්‍රසයට මන්ත්‍රීධූර 05ක්ද හිමිව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...