ජනාධිපතිතුමා විසින් ගනු ලැබූ අභීත තීන්දුවට ගරු කරමින් ස්ථාවර රජයක් ස්ථාපිත කරගැනීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දෙන බවත්, එම නිසා අප කිසිවකු මේ අවස්ථාවේ අමාත්‍ය තනතුරු බලාපොරොත්තු නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පවසයි. රත්නපුර පැල්මඩුල්ල ගොඩගම නිවසේ පැවති පාක්ෂික හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කලේය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,“මෛත්‍රී මහින්ද සමගිය වෙනුවෙන් මුල සිට විශාල බලාපොරොත්තුවකින් කැපවීමකින් තමයි මම කටයුතු කලේ. ඒ වෙනුවෙන් පෙනී සිටිම නිසා අපේ පක්ෂයේ වගේම, එක්සත් ජාතික පක්ෂයේ උදවිය වගේම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ගෙනුත් විවේචනයට උදහසට මම ලක්වුණා.නමුත් අපි ගත්ත ඒ උත්සාහය අද යථාර්තයක් බවට පත්වෙලා. අතරමංව සිටි දෙකඩ බෙදී සිටි පාක්ෂිකයින් අද උද්දාමයට පත්වෙලා. දැන් අපිට ඉදිරි මැතිවරණවලදී විශාල ජයග්‍රහනයක් ලැබෙන බව ස්ථිරයි. ”සෙනෙවිරත්න මහතා පැවසීය.
අපට දැන් අවශ්‍ය මේ රට වැටී ඇති අගාධයෙන්,විනාශයෙන් බේරා ගැනීමයි.මිනිස්සු විශාල ජීවන බරකින් මිරිකෙමින් ඉන්නේ.ඒ සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පත්වු සැණින් සහන රැසක් ජනතාවට ලබා දුන්නා. ඒ තමයි දහඩිය සුවඳ හඳුනන නායකයින්ගේ ස්වාභාවය. ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගෙත් අදහස් සහ ප්‍රතිපත්තිවල ගැලපීමක් තියෙනවා.ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීම,සංස්කෘතිය සභ්‍යත්වය ආරක්ෂා කර ගැනීම,දේශීය ආර්ථිකය කෘෂී කර්මාන්තය දියුණු කිරීම, ජාතික ආරක්ෂාව වැනි කාරණා ඒ අතර ප්‍රධානයි. පසුගිය පාලන කාලය තුළ තිබූ ප්‍රතිපත්තිමය නොගැලපීම් නිසා තමයි රට අගාධයට ගියේ.දැන් නැවතත් රට නියම පීල්ලට වැටිලා.ඒ නිසා නව වෙනසකින් ඇති කරගත් රජය ස්ථාපිත කර ගැනීම සඳහා ඕනෑම පරිත්‍යාගයක් සිදු කිරීමට කැපවෙන බවද සෙනෙවිරත්න මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ධම්මික තිලකරත්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...