ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල කරන ජිනීවා යෝජනාව සහ මානව හිමිකම් කොමසාරිස් වාර්තා ප්‍රතික්ෂේප කිරීමට නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත.
පසුගියදා විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය සමඟ පැවති සාකච්ඡාවක දී මහින්ද රාජපක්ෂ මහතා මේ ක්‍රියාදාමය ඉටු කරන බවට ප්‍රතිඥා දුන් බව මහාචාර්ය ජයසුමන මහතා පවසයි.
2015 වසරේ දී ජිනීවා යෝජනාවට සහය පළ කිරීමට විදේශ ඇමැතිව සිටි මංගල සමරවීර ඇමරිකානු රජයට එකඟ විය.
එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 56කට යුද අපරාධ චෝදනා එල්ල වී ඔවුන්ට විදේශ රටවල සංචාරය කිරීමට නොහැකිවීමය.
මෙම ජිනීවා යෝජනාවට සම අනුග්ලරහය බාදීම සඳහා මංගල සමරවිර මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් අවසර ගෙන නොතිබූ බවද අනාවරණය විය.
මෙම එකගතාවය නිසා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය යුද අපරාධ චෝදනා විභාගයට විශේෂ අධිකරණයක් ස්ථාපිත කරන ලෙසද ශ්‍රී ලංකා රජයට උපදෙස් දී තිබුණි.
ඉරිදා දිවයින
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...