දේශීය පුවත්

ආණ්ඩුව කුමක් වුවද රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා සෞඛ්‍ය ඇමතිවරයා ලෙස පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව රාජිත සේනාරත්න මහතාට සමීප වෘතීය සමිති කිහිපයක් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඉල්ලීමක් කරනු ලැබීය.

ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට රාජිත සේනාරත්න මහතා තරම් වැඩ කළ කිසි කෙනකු නොමැති බවයි.

සෞඛ්‍ය ඇමැති ලෙස නැවතත් රාජිත සේනාරත්න මහතා පත් වනවාට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළකරන විරෝධතාවයට එරෙහිව ක්‍රියා කරන බව ද ඔවුන් පවසා සිටියේය.

ඉක්මනින්ම තීන්දුවක් ගෙන නව රජයේ හෝ ඕනෑම රජයක සෞඛ්‍ය ඇමතිවරයා ලෙස වැඩ බාර ගන්නා ලෙස ද රාජිත සේනාරත්න මහතාගෙන් ඔවුන් ඉල්ලීමක්ද කර සිටියේය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ මෙම වෘත්තිය සමිති හිටපු ඇමතිවරයා විසින් උසිගන්වා ගෙන්වන ලද පිරිසක් බවත් ඔහු මෙම ආණ්ඩුවේ ද සෞඛ්‍ය ඇමැති ධුරයට කෙල හලමින් සිටි බවත්ය.

කිසිම ලෙසකින් සෞඛ්‍ය ඇමැති ලෙස රාජිත සේනාරත්න මහතා පත්කලහොත් නැවත නොදන්නවා රට පුරා වැඩවර්ජනයක් පවත්වන බවද ඔවුහු යළි යළිත් අවධාරණය කළහ.

මෙහිදී මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්න හමුවේ ඔවුන් සියලු දෙනා අපහසුතාවයට පත්වූ බවක්ද දක්නට ලැබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More