අභිනව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 15දෙනකු , රාජ්‍ය අමාත්‍යවරු 08දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 08දෙනෙකු මේ වන විට අමාත්‍යාංශවල දිවුරුම් දී තිබේ.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවකදී කැබිනට් අමාත්‍යවරු 30ක් පත් කළ හැකි අතර රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු 40කට සීමා වියයුතුයි.
ඒ අනුව තවත් කැබිනට් අමාත්‍ය ධුර 15ක් පුරප්පාඩුව පවතින අතර රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර 24ක් පුරප්පාඩුව පවති.
එක්සත් ජාතික පක්ෂය යටතේ තේරීපත්වූ මන්ත්‍රීවරු 07 දෙනෙකු නව රජයට සහය පළ කරමින් අමාත්‍යධුරවල දිවුරුම් දුන් අතර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙක්ද ඊ.පී.ඩී.පී පක්ෂ නායක ඩග්ලස් දේවානන්ද මහතා ද නව රජයේ අමාත්‍යධුරයක් ලබාගත්තාය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියන් සිය සහාය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා වත්මන් භාරකාර රජයට ලබාදීමට තීරණය කිරීමත් සමගම වත්මන් පාර්ලිමේන්තු සංයුතිය අනුව නව රජයට මන්ත්‍රීවරුන් 104ක සහයක් හිමිව ඇති අතර එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇත්තේ මන්ත්‍රී ධුර 98ක් පමණයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...