ප‍්‍රධාන පුවත්

ඊයේ(29) රාත්‍රී පැවැති අධික වැසි සහ සුළං තත්වයන් නිසා දිවයිනේ ප්‍රදේශ ගණනාවකටම විවිධ අලාභ හානි සිදුව තිබේ. මේ අතරින් වැඩිම අලාභය සිදුවී ඇත්තේ ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්වලටය. මීට අමතරව බස්නාහිර, මධ්‍යම, ඌව යන පලාත් වලට ද විවිධ හානි සිදුවී ඇති බව අප ප්‍රාදේශීය වාර්තාකරුවෝ කියති.

දකුණු පලාතේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට ගාල්ල දක්වා ප්‍රධාන මාර්ගයට ගස් අතු කඩා වැටී ඇති අතර නාගරික ප්‍රදේශවල ඇති නාමපුවරු සහ තාවකාලික ඉදිකිරීම් වහලවල් ආදිය ගසා ගෙන ගොස් ඇති අයුරු දැකිය හැකි විය.

මේ අතර දකුණු දිග දුම්රිය මාර්ගයට ගස් අතු ආදිය කඩා වැටීම නිසා ඊයේ රාත්‍රී අගනුවර සිට ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය පැය කිහිපයක් ප්‍රමාද වූ බව වාර්තා වේ.

කැලණිවැලි දුම්රිය මාර්ගයේ ස්ථාන ගණනාවක දුම්රිය මාර්ගය ගස් අතු කඩා වැටීම දුම්රිය ධාවනයට සිදුවූ බාධා මේ වන විට කඩිනමින් යථා තත්වයට පත්කරමින් තිබෙන බව දුම්රිය පාලක මැදිරිය කියයි.

මේ අතර ඊයේ ඇතිවූ තද සුළං තත්වය නිසා කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථ සහ මෝටර් රථ තද සුලගට හසුවීම නිසා යාම නිසා රියදුරන්ට ඒවා පාලනය කර ගත නොහැකිව සුළු අනතුරු කිහිපයක් සිදුව ඇති බවද වාර්තා වි තිබේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරේ.

මේ අතර ඊයේ රාත්‍රී අකුරළින් සහ හම්බන්තොටින් මුහුදු ගිය ධීවර යාත්‍රා කිහිපයක් සහ පුද්ගලයන් දොළොස්දෙනෙකු මේ වන විට අතුරුදහන්ව ඇති අතර ඔවුන් සොයා නාවික හමුදාව මෙහෙයුම් දියත් කර තිබේ. ඒ සම්බන්ධයෙන් නාවික හමුදා මධ්‍ය ප්‍රකාශක දිනේෂ් බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටිනුයේ මේ වන විටත් මුහුදේ පවත්නා රළු ස්වභාවය මත නාවික හමුදා යාත්‍රාද දියත් කිරීම සිරුවෙන් කළ යුතු බවයි.

දුම්රිය සමාන්‍යාධීකාරී එස්.එම්.අබේවික්‍රම මහතා කියා සිටියේ ඊයේ ස්වභාවික ආපදා තත්වය නිසා කිසිදු දුම්රිය ගමන් වාරයක් අවලංගු කර නොමැති අතර ප්‍රමාදයන් කිහිපයක් පමණක් සිදුව ඇති බවය.

එහෙත් උඩරට දුම්රිය මාර්ගයේ පස්කඳු කඩා වැටීම හේතුවෙන් එහි දූම්රිය ධාවනය මේ වන විට නානුඔය දක්වා පමණක් ධාවන වන බවද ඔහු කීය.

මේ අතර ඊයේ පැවැති අධික සුළඟ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ බොහොමයක විදුලිය විසන්දි වීම් වාර්තාවන අතර ඒවා තවමත් යථා තත්වයට පත්ව නැත. එනිසා ඉන් රෝහල් කාර්යාල සහ ව්‍යාපාර කටයුතු තවමත් අඩාලවී තිබේ.

මේ අතර දැනට පවත්නා අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් බස්නාහිර, දකුණ, මධ්‍යම සහ ඌව පලාත් වල සියළුම පාසල් අද වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කොට ඇත.

මේ අතර බස්නාහිර පලාතට බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මේ වන විට දහනම දෙනෙකු පමණ ශ්‍රී ලංකා ජාතික රෝහලට සහ කළුබෝවිල ශීක්ෂණ රෝහල ඇතුල් කොට ඇති බව එහි ප්‍රකාශකයෙක් කීය.

ඊට අමතරව ඉදිරියේ දී සිදුවිය හැකි ආපදා තත්වයන් සදහා පොලීසිය සූදානමින් තබන ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා ඊයේ රාත්‍රී පොලිස්පති වරයාට නියෝග කොට තිබේ.

එමෙන්ම ඉදිරි පැය කිහිපය තුළ ශ්‍රී ලංකාවට සුළි සුලඟක් පැමිණෙතැයි යන මතයක් සමාජ ජාල වෙබ් අඩවි මගින් ප්‍රචාරය වන අතර ඒ සමබන්ධයෙන් ආපදා කළමණාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා පවසනුයේ එවැනි සුළි සුළං තත්වයක් පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් හෝ දේශීය වශයෙන් කිසිදු අනාවැකියක් පළවී නොමැති බවය.

කෙසේ හෝ දැනට පවත්නා අයහපත් කාලගුණික තත්වය මත තද සුළං කඳු කඩා වැටීම් වැනි ආපදා තත්වයක් ඇතිවීමේ අවදානයක් ඇති බැවින් ඒ පිළිබඳව මනා විමසුමකින් පසුවන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More