විදේශ පුවත්

උතුරු කොරියාව සතු බලගතුම අන්තර් මහාද්වීපික බැලැස්ටික් මිසයිලය අද සාර්ථකව අත්හදා බලා තිබේ.

පෙන්ටගනය නිවේදනය කළේ, මෙම මිසයිලය කිලෝමීටර් 1000ක දුරක් ගෙවා ජපාන මුහුදට පතිත වූ බවයි.

උතුරු කොරියාවේ පියොංසොං ප්‍රදේශයෙන් ගුවනට මුදාහල බැලැස්ටික් මිසයිලය මිනිත්තු 5ක් පමණ ගුවනේ පැවති බව ජපානය නිවේදනය කර තිබේ.

කෙසේ වෙතත් ජපන් රජය නිල වශයෙන් නිවේදනය කළේ, එය ජපාන ගොඩබිමට ඉහළින් ගමන් නොකල බවයි.

උතුරු කොරියාව විසින් සිදුකළ මෙම අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම ලෝක ව්‍යාප්ත තර්ජනයක් බව අමෙරිකානූ ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් ප්‍රකාශ කර තිබේ.

ඔහු කියා සිටියේ, මෙම බැලැස්ටික් මිසයිලය මීට පෙර අත්හදා බැලූ මිසයිලවලට සාපේක්ෂව ඉතා ඉහළින් ගමන් කර ඇති බවයි.

මේ අතර මිසයිලය ගුවන්ගත ව පැවති කාල සීමාවේදී ම අමෙරිකානූ ජනපති ඊට ප්‍රතිචාර දක්වා තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, උතුරු කොරියාවේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් වගබලා ගැනීමට තමා සූදානම් බව ය.

උතුරු කොරියාව අවසන් වරට බැලිස්ටික් මිසයිලය අත්හදා බැලීමක් සිදු කළේ, සැප්තැම්බර් මාසයේ ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More