ජාතික සමඟිය සහයෝගිතාව සහ මුස්ලිම් ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඒ.එච්.එම්.ෆවුසි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබේ.
——————————————-
ෆවුසිගේ නිවසට ගිය කබීර්ගේ සාකච්ඡාව අසාර්ථකයි! ෆවුසි අද ඇමැති ධූරයක දිවුරුම් දෙයි
එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා අද(03) නව රජයේ අමාත්‍යවරයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.
මේ අතර එජාප මන්ත්‍රී කබීර් හෂීම් මහතා ඇතුළු පිරිසක් අද(03) අළුයම 2.00ට පමණ එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා හමුවී සාකච්ඡා කර ඇති අතර එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ තමන් ඕනෑම අමාත්‍යාංශයක් ලබා දීමට සූදානම් බවත් කෝටි ගණනක වුවද මුදල් ලබා දීමට සූදානම් බවත් ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් එහිදී මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ කිසිවිටෙක ශ්‍රීලනිපයෙන් ඉවත් නොවන බවත් ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයෙකු වන තමන් කිසිදිනෙකු මුදලට, වරදාන සහ වරප්‍රසාද වෙනුවෙන් කටයුතු නොකළ බවත් තමන් ඉදිරියටත් ජනාධිපතිවරයා යටතේ කටයුතු කරන බවත්ය.
එම උත්සාහයද අසාර්ථක වූ තැන එජාප ප්‍රබලයින්ගේ සියලු සැලසුම් ලප් තැනම ලොප් වී ඇතැයි වාර්තා වේ.
මේවන විට බහුතර බලයටත් වඩා වැඩි බලයක් හිමිව ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නව රජය අද දිනයේදී නව අමාත්‍යවරු පිරිසක් දිවුරුම් දීමට නියමිත බව ආරංචි මාර්ග පැවසී ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...