දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිවුදෙනෙකු ඉදිරි දින දෙක ඇතුළතදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පලකිරීම සදහා එක්වීමට ඇති ඉඩකඩ වැඩි බව දෙමළ ජාතික සන්ධානයෙන් වෙන්ව ස්වාධීනව කටයුතු කරනු ලබන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් පවසයි.
තමන් මුලින්ම කවරෙකුටවත් සහය නොදක්වා සිටීමට සූදානමින් සිටියත් පළාතේ ජනතාවගේ ඉල්ලීමත් පළාත් සංවර්ධනය කිරීමට අවස්ථාවක් ලැබීමත් නිසා තමන් අද (03) හෝ ඉදිරි දිනකදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය පලකිරීමට එක්වන බවට මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත.
මේ එක්වීම නිසා තමන්ට අමාත්‍ය පදවියක් ලැබීමට ඉඩ ඇති බව කී මන්ත්‍රීවරයා තමන්ගේ මන්ත්‍රි පදවියෙන් වන්නියේ ජනතාවට කළ සේවයට වඩා විශාල සේවාවක් කළ හැකි නිසා තමන් මෙම තීරණය ගත් බවද ඔහු පවසා ඇත.
තමන්ට අමතරව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පී.සරවනභවන්, ටී.සිද්ධාර්ථන් යන මන්ත්‍රිවරුන් සහ කිළිනොච්චියේ එස්.ශ්‍රීධරන් මන්ත්‍රීවරයාද මුලතිව් දිස්ත්‍රිකක්යේ චාර්ල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයාද ඉදිරි දින දෙක ඇතුළත මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීමට නියමිත බවද ශිවශක්ති ආනන්දන් මන්ත්‍රීවරයා පවසා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...