දේශීය පුවත්

ප්‍රධාන පක්ෂ දෙකේ පාර්ලිමේන්තු බහුතර බලය පෙන්වීමේ මෙහෙයුම් තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇති රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ රිෂාඩ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහාය දෙන්නේ කිනම් පාර්ශවයකට ද යන්න තීරණය නොකර තවමත් වැට උඩ ප්‍රතිපත්තියක සිටින බව වාර්ථා වෙයි.

ඉකුත්ම හමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සමග එක්ව තරග කර මන්ත්‍රීධූර 6ක්ද තනිව තරග කර මන්ත්‍රි ධුරයක් ද වශයෙන් මන්ත්‍රීධුරූර හතක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට නිම ඇති අතර එජාපය සමග තරග කර දිනාගත් මන්ත්‍රීදූර පහක් සමස්ත ලංකා මහජන කොංග්‍රසයට හිමිව ඇත.

එම මන්ත්‍රීවරුන් 12 දෙනාගේ සහය ලබාගැනීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයත් එක්සත් ජාතික පක්ෂයත් රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් සමග සාකච්ඡාවට ගණනාවක් පවත්වා ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් හිටපු අගමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් සිටින බව වාර්ථා වෙයි.

මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ගිය සතියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් හමුවී මේ පිළිබඳ සාකච්ඡාඡා කර ඇති බව වාර්තා වේ. මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වමින් ආණ්ඩුවට එක් වන්නේ නම් ප්‍රධාන පෙළේ කැබිනට් ඇමතිධූර දෙකක් සහ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිධූර කීපයක් පිරිණැමීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වී ඇති බව දැනගන්නට ලැබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More