පුරවැසි කොලම

TNA දීගකෑම.

November 3, 2018 9:00 am | Lanka Lead News

අනාගත ආණ්ඩුව සවිමත් කිරීම සදහා TNA
මන්ත්‍රීවරයෙක් ඈදා ගැනීම ගැන අපෙත්,රනිල්
වෙනුවෙන් කැපවන අයගේ ත් විවෙචන බලා
සිටියෙමි.එයට පිළිතුරු දීමට සුදුසුම කාලය
මෙය නිසා මෙසේ සටහන් කරමි.

පසුගිය වසර තුනක කාලය නොහොත් යහපා
ලන ආශ්චර්‍ය තුල රට නැවතුනේ සොහොනක්
අසළය.එක්වරම TNA මන්ත්‍රීවරුන් ගැන
අනුකම්පාවක් ඇතිවන රනිල් නඩේට අමතක
වූ බොහෝ දේ ඇත.ඒ පසුගිය ආණ්ඩුව ද,
රනිල්ගේ විශ්වාසභංගයද බේරා ගැනීමට
TNA දැක්වූ සහයෝගයය.ඊට අමතරව TNA
යනු තවම කොටි ඩයස්පෝරා මුදල් මත
පාලනය වන රෝපණය වන ඊනියා පක්ෂයකි.
එහි මූලීක අරමුණ උතුරෙ දෙමළ ජනයාට
සේවය කිරීම නොව උතුර නැගෙනහිර පළාත්
වෙන් කර ගැනීමය.නැතහොත් ඒකීය රට
බලය බෙදුණු රටක් කර ගැනීමටය.මියගිය
ප්‍රභාකරන් සහ ඔහුගේ අවතාර නැවත
කෙලින් කිරීමය.පසුගිය ආණ්ඩුව බලයට
එන්නේද උතුරු නැගෙනහිර චන්ද බහුතරය
කින් බව අමතක නොකරන්න.ඔවුන් ඒ
සහයෝගය ලබා දෙන්නෙ සිය කැමැත්තෙන්
නොව ඉහත අරමුණු සාක්ෂාත් කරගන්නටය.
පසුගිය වසර තුනක අතීතය තුල ඉන් බහුතර
යක් ඉටුවූ බව මාගේ හැගීමය.කොටි උත්සව,
කොටි සැමරුම්,හමුදා කදවුරු වලට කළ
බලහත්කාරකම්,කදවුරු ඉවත් කිරීමට කළ
බලපෑම්, වැනි තවත් බොහෝ දේ සිදුවිණ.
ඒ සියල්ල ඉබේ ඉටු වන්නේ නැත.TNA ජනවර
ම තුල වූ පොරොන්දු ඉටු කළ යුතුය.රනිල් යනු
TNA ගැතියෙකි.ඔහුගෙ ඉතිහාසයද,එක්සත්
ජාතික පක්ෂයේ ඉතිහාසය ද සමීප වන්නෙ
කොටියව ශේප් එකේ බේරා ගැනීමේ න්‍යායටය. ඊනියා සාම ගිවිසුම් හා පසුගිය
වසර තුනදි TNA බලපෑම් ඉටු කර දීමට ගත්
උත්සහය රනිල් ඇතුලු නඩයට උපතින්ම
පිහිටා ඇති හැකියාවක් වන්නේය.එලෙස
හැසිරුණ ඔවුන්ගේ අද අදෝනාව දෙස දැන්
අපි බැලිය යුතුය.

සිරිසේන පසුගිය දිනක කළ ප්‍රකාශය වන්නේ
මේ රට කිසිවිටක මා වෙන් නොකරන බවය.
මහින්ද රාජපක්ෂ යනු මේ රටේ කොටියව
මහ පොළොවේ නිදිකරපු නායකයාය.ඔහුගෙ
පසුගිය පාලනය තුලද TNA එක උතුරේ සිය
දේශපාලනය කළේය.නමුත් මහින්දගේ
දේශපාලනය වූයේ රට බෙදීම නොව,
මැරුණ කොටියව හුරතල් කිරීම හා පෝෂණය
නොව දෙමළ ජනයාට අහිමි වූ සියල්ල නැවත
ලබා දීමය.ඒ වසර කිහිපය තුල ඇති වූ
සංවර්ධනය තුල TNA සතුටු වූ යේ නැත.එය
එසේ වූයේ නම් ඔවුන් ඔවුන්ගේ යට ඊනියා
අරමුණු අත්හැර දෙමළ ජනයා වෙනුවෙන්
මහින්ද සමග දේශපාලන ගමනක් යන්නේය.
නමුත් ඔවුන්ට සිදුවූයේ එම කාලය තුල සිය
හඩ අවදි නොකර,ගුලිවී සිටින්නටය.ඒ
මහින්දගේ හැටිය.ඒ එදා තිබුණු එක්සත්
ජනතා සන්ධානයේ ප්‍රතිපත්තිය.

අද ද,හෙට ද සිටින්නෙ ඒ මහින්දමය.වසර
තුනකට පසු ජවය ලබා සිටින්නෙ පැරණි
සිරිසේනය.නැවත එකමුතුව ඇත්තේ එදා
තිබුණු සන්ධානය ලෙසටමය.අද මේ දෙදෙනා
ම අසළ ඉන්නෙ TNA නොව ඉන් පැමිණි එක්
මන්ත්‍රීවරයෙක් පමණක්ය.කිවයුතු දේ මෙයය.
කොටියට හා TNA එකට උතුරේ නටන්නට
නොදුන් මහින්ද හෙට එක් මන්ත්‍රීවරයකුට
නටන්නට දෙන්නෙ නැත.කුමන කොන්දේසි
මත සහයෝගය දුන්නත් රටක් එක්සේසත්
කළ මිනිසෙක්,පක්ෂයක් නැවත රට ඉරන්නෙ
නැත.TNA තුලින් එළියට ආ මේ තනි මිනිසා
දරන්නෙ TNA ඊනියා මතය නොව පුද්ගලික
මතයක් විය හැක.එයට දිය හැකි එකම
උදාහරණය කරුණාය.කරුණා මහින්ද යටතේ
තවදුරටත් නැගෙනහිර කොටි සෙල්ලම්
දැම්මේ නැත.රටේ ඒකීයත්වය තුල ප්‍රජාතන්ත්‍ර
වාදය තුල ගමනක් ගියේය.ඒ අවස්ථාවම
මොහුටද පොදුය.

ලක්ෂිත නවරත්න..



One thought on “TNA දීගකෑම.”

  1. Kotiya awath apita kamak na mokada natanna one ape krameta mokada eka ratak eka dajayak yathe nathanam kattiyatama sory thama

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More