ජනපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමෙන් පසු නව රජය යටතේ නැවත පාර්ලිමේන්තුව රැස් කරන පළමු දිනයේදී මුදල් හා ආර්ථික කටයුතු ඇමැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
එම අතුරු සම්මත ගිණුම ආර්ථික විශේෂඥයන් සමග මේ වන විට සකස් කරමින් පවතින අතර ජනතාවට සහන රැසක් හිමි වන රටේ ආර්ථිකය ශක්තිමත් කෙරෙන ජනතාවාදී යෝජනාවක් බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවැසීය.
මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ දිවුරුම් දුන් ඉකුත් 26 දා රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තු සැසි වාරය කල් දමන ලදී. නැවත මෙම 07 දා පාර්ලිමේන්තුව රැස් කිරීමට නියමිතය.
නැවත පාර්ලිමේන්තුව කැඳවීම සඳහා වන ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නිකුත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට නියමිතය.
එහිදී මෙම අතුරු සම්මත ගිණුම විවාදයට ගැනීම හා ඡන්ද විමසීම සඳහා දින වකවානු තීරණය කිරීමට නියමිතය. එමෙන්ම පාර්ලිමේන්තුවේ සභානායක ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක යන ධුර සම්බන්ධයෙන්ද එහිදී එකඟතාවට පැමිණීමට නියමිතය.
සභානායක ධුරය සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ පක්ෂ නායකයකුට පිරිනැමීමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවැසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...