දේශීය පුවත්

සියලු දේශපාලන පක්ෂ එක්කර ගනිමින් මහින්ද-මෛත්‍රී සම්මුතිවාදී ආණ්ඩුවක් ඉදිරියේදී පිහිටුවීමට දෙපාර්ශ්වයම තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

ඒ අනුව ආණ්ඩුවට සහය ලබාදෙන සියලුම දේශපාලන පක්ෂ එක්කර ගත් පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට නියමිතව ඇති බවද දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මේ වන විට එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රී කණ්ඩායමක් ආණ්ඩුවට එක්වී ඇති අතර සුළු ජාතික දේශපාලන පක්ෂ කිහිපයක්ද එක්කර ගනිමින් මහින්ද-මෛත්‍රී සම්මුතිවාදී ආණ්ඩුව පිහිටුවීමට සැලසුම් කර ඇත.

ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂය සහ සුළු ජාතික දේශපාලන පක්ෂවලට ඇමැති ධුර ලබාදෙමින් මෙම සම්මුතිවාදී ආණ්ඩුව පිහිටුවීමට නියමිතය. ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය වශයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවද දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ඇමැති ධුර ලබා ගැනීම පිළිබඳ අවසන් තීරණය මෙම සති අන්තයේදී ගැනීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More