දේශීය පුවත්

එක්සත් ජාතික පක්‍ෂයට පාර්ලිමේන්තුවේ ආසන 118ක් ඇතැයි යෝජනාවක් සම්මත කලේ යයි පැවසුවත් අද රනිල් වික‍්‍රමසිංහ හිටපු අගමැතිට බහුතරයක් නැතැයි ඔප්පු කර ඇතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

මේ බව සදහන් කරමින් එම පක්‍ෂය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

තමන්ට බහුතරය නොමැති බව රනිල් වික‍්‍රමසිංහ ඔප්පු කරයි

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට පක්ෂව පාර්ලිමේන්තු බහුතරය ඇති බව එම පාර්ශව විසින් පසුගිය දින කිහිපය පුරා දිගින් දිගටම කියා සිටියේය. එක්සත් ජාතික පෙරමුණේ මන්ත‍්‍රී කණ්ඩායම අද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ ඒ බව සංඛ්‍යාත්මකව ඔප්පු කිරීම සදහාය. නමුත් රනිල් වික‍්‍රමසිංහ හිටපු අගමැතිවරයාට වත්මන් පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බව අද ඔහු විසින්ම ඔප්පු කරනු ලැබීය.

එක්සත් ජාතික පෙරමුණට දැනට සිටින්නේ මන්ත‍්‍රීවරුන් 98 කු පමණි. පාර්ලිමේන්තුවේ බහුතරය වන මන්ත‍්‍රීවරු 113 කු එකතු කර ගැනීම එක්සත් ජාතික පක්ෂයට කිසිවිටකත් ජයගත නොහැකි ඉලක්කයක් බව විද්‍යාත්මකව ඔප්පු වී තිබේ. එමෙන්ම අද පාර්ලිමේන්තුවට පැමිණි සියලූ පක්ෂවල මන්ත‍්‍රී සංඛ්‍යාවේ මුඵ එකතුව 112 ක් පමණි.

අද පාර්ලිමේන්තුවට පැමිණ සිටි මුඵ මන්ත‍්‍රී සංඛ්‍යාව පිළිබද නිරවුල්ම තොරතුර පහත පරිදි වේ.

අද දින පාර්ලිමේන්තු පැමිණි එක්සත් ජාතික පෙරමුණු මන්ත‍්‍රී සංඛ්‍යාව – 98
අද දින පාර්ලිමේන්තු පැමිණි ටී.එන්.ඒ. මන්ත‍්‍රී සංඛ්‍යාව – 12
අද දින පාර්ලිමේන්තු පැමිණි ජ.වි.පෙ. මන්ත‍්‍රී සංඛ්‍යාව – 02
පැමිණ සිටි මුඵ මන්ත‍්‍රී සංඛ්‍යාව – 112

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට රනිල් වික‍්‍රමසිංහ හිටපු අග‍්‍රාමාත්‍යවරයා මුඵමණින්ම අසමත් වූ බව ඉහත දත්ත මගින් පැහැදිලි වේ. අද දින පාර්ලිමේන්තුවට පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරුන් දෙදෙනා සහ ටී.එන්.ඒ. මන්ත‍්‍රීවරුන් 12 දෙනා පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය පල කිරීම පිණිස නොවේ. එම මන්ත‍්‍රීවරු 14 දෙනාගේ ඉල්ලීම වූයේ පාර්ලිමේන්තුව නැවත කැදවීම පමණි.

මෙම සමස්ත තත්වය අධ්‍යයනය කරමින් අපි යලිත් අවධාරනය කර සිටින්නේ හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බව ඔහු විසින්ම අද දින ඔප්පු කළ බවයි.

සංජීව එදිරිමාන්න
ප‍්‍රකාශක
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ



One thought on “එජාපයට බහුතරය නොමැති බව රනිල් ඔප්පු කර පෙන්වයි.. මන්ත්‍රී ගණන 98ට බහී… අද පාර්ලිමේන්තුවේ නිල වාර්තා මෙන්න..”

  1. එම විස්තර වලට අනුව නම් නම් සංජීව එදිරිමාන්න මහතාගේ නිගමනය සම්පුර්ණයෙන් වැරදියි.මක්නිසාද යත් පැමිණ නැති ජවිපෙ 04 දෙනා සහ TNA 4 ( එකතුව 08 යි ) දෙනාගෙන් අඩු තරමින් 06 දෙනෙක් වත් බොහෝ විට 08 දෙනාම චන්දය දෙන්නේ රනිල්ටයි.මා සමග ඕනෑ කෙනෙක් අමනාප උනත් මට කුණුහරුපෙන් බැන්නත් කැට තියල කියන්නම් පාර්ලිමේන්තුව රැස් වූ දවසට රනිල්ට පක්ෂව ලැබෙන චන්ද ප්‍රමාණය ස්ථිර වශයෙන්ම 116 ත් 120 ත් අතර ප්‍රමාණයක් වෙනවාමයි

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More