දේශීය පුවත්

හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාට නැවත සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා නොදෙන ලෙස ඉල්ලමින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පිරිසක් අද (02) දහවල් කරාපිටිය රෝහල ඉදිරිපිටදි නිහඩ විරෝධතාවයක නිරතවුහ.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව විසින් මෙකි විරෝධතාවය සංවිධනය කොට තිබුණි. හිටපු සෞඛ්‍ය ඇමතිවරයාට විරෝධය පල කරමින් පොස්ටර් ප්‍රදර්ශනය කරමින් වෛද්‍යවරු විරෝධතාවයේ නිරතවුහ.

රාජිතගෙන් සෞඛ්‍ය බේරාගමු, ජනාධිපතිතුමනි රාජිතගේ වියරු තක්කඩිකම් නිම කරණු, ජනපතිතුමනි ඔබවට වැදගත් රාජිත සෞඛ්‍යයද? ආදි සටන් පාඨ ලියු පොස්ටර් ප්‍රදර්ශනය කරමින් වෛද්‍යවරු විරෝධතාවයේ නිරතවුහ.

මේ අතර ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් සදහන් කර ඇත්තේ රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය හෝ වෙන කිසිම ඇමති ධුරයක් ලබා නොදෙන ලෙස ඉල්ලා ඇත.

විරෝධතාවයට ආසන්නම හේතුව වී ඇත්තේ මන්ත‍්‍රී රාජිත සේනාරත්න ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ හෙළිදරව්වත් සමගය..



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More