ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ඊයේ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී ගරු අගමැතිතුමා හමු වී පංචවිධ යෝජනා නමින් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු කරුණු 5ක් ඉදිරිපත් කළේය.
සංගමයේ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන මහතා යෝජනාවලිය ඉදිරිපත් කළ අතර ඉන් පසු විශ්ව විද්‍යාල ආචාර්යවරු අදහස් දැක්වූහ.
මේ කරුණු සියල්ල ගැඹුරින් සලකා බලා සිය උපරිම ශක්ති ප්‍රමාණයෙන් ඒවා ඉටු කිරීමට මැදිහත්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ සියලු විශ්ව විද්‍යාල නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ ආචාර්යවරු 60 දෙනෙක් මේ රැස්වීමට සහභාගී වූහ.
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුරේෂ් කනේෂ් සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මුෆිසාල් අබුබකර් දැක්වූ අදහස් ගැන විශේෂ අවධානයක් යොමු කර සුදුසු පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
අග්‍රාමාත්‍යතුමාට ඉදිරිපත් කල පංචවිධ යෝජනා පහත දැක් වේ.
1. වංචනික ලෙස සහ පාරදෘශ්‍ය භාවයකින් තොරව ඉදිරියට ගෙන ආ නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය අත්හැර දැමිය යුතුය.
2. රටේ ආර්ථිකය වැනසීමට හේතු වූ මහ බැංකු වංචාවේ සියලූ විමර්ශන වාර්තා හෙළි කර, පරීක්ෂණ සිදු කර, වැරදි කරුවන්ට දඬුවම් දීමට අප්‍රමාදීයව කටයුතු කළ යුතුය.
3. රාජ්‍යයේ නිසි අනුමැතියකින් තොරව හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී අත්තනෝමතික ලෙස සම අනුග්‍රාහකත්වය දැක් වූ 30/1 යෝජනාවලිය සහ ඊට පාදක වූ OISL මහකොමසාරිස් වාර්තාව නිෂේධනය කිරීමට කටයුතු කළ යුතුය.
4. ප්‍රදේශ භේදයකින් තොරව පුරාවස්තු සහ ජාතික උරුම ආරක්ෂා කිරීමට කඩිනම් වැඩපිළිවෙලක් දියත් කළ යුතුය.
5. රාජ්‍ය නොවන සංවිධානවලට ඍජුව විදේශ මූල්‍යාධාර ලබා ගැනීමට ඇති හැකියාව නතර කර රාජ්‍ය යාන්ත්‍රණයක අධීක්ෂණයට ඔවුන්ගේ ක්‍රියාකාරකම් යටත් කළ යුතුය.
– nuta
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...