දේශීය පුවත්

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව ව සිටියදී ආන්දෝලනයට තුඩුදුන් විමර්ශන ගණනාවක් සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් පොලිස් නිලධාරියකු දේශපාලන රැකවරණය ඉල්ලා ඕස්ට්‍රේලියාවට පළා යෑමට සැරසෙන බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

මේ වන විටත් හෙතෙම තමන්ට තර්ජන ඇතැයි පෙන්වා මෙරට ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාල නිලධාරීන් නොමඟ යැවීමට සූදානම් වන බව පැවසේ.

පසුගිය කාලයේ විත්තිකරුවන් පස් දෙනෙකුට මරණීය දණ්ඩනය හිමි වූ ප්‍රසිද්ධ නඩුවක විත්තිකරුවෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරියා පිළිබඳ අනෙකුත් නිලධාරීන් අතර දැඩි කතාබහක් පවතී.

මේ අතර අදාළ විමර්ශන මෙහෙය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තවත් ඉහළ නිලධාරියකු සිය පවුලේ සාමාජිකයන් සමග ඇමෙරිකාවේ පදිංචියට යෑමට සූදානම් වන බවද වාර්තා වේ.

දිවයින



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More