පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳව නව ආණ්ඩුවේ අවධානය යොමුවී තිබේ.
ආණ්ඩු පක්ෂයේ නියෝජිතයෙකු සදහන් කළේ පාර්ලිමේන්තුව රැස්වූ පසුව මුල් දින දෙක තුන ඇතුළත මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
කථානායක කරු ජයසූරිය මහතාට එරෙහිව ගෙන ඒමට සූදානම් වන විශ්වාසභංග යෝජනාව මේ වන විටත් ජනාධිපති නීතිඥයකු විසින් කෙටුම්පත් කරමින් සිටින බවද ආණ්ඩු පක්‍ෂයේ එම නියෝජිතයා සඳහන් කළේය.
ස්වාධීන තනතුරක් ලෙස පාර්ලිමේන්තුවේ කථානායක තනතුරෙහි කටයුතු කළ යුතු වුවද, කරු ජයසූරිය මහතා පසුගිය දිනවල ක්‍රියා කළේ පාර්ලිමේන්තුවේ කථානායක ලෙස නොව එක්සත් ජාතික පක්‍ෂයේ වුවමනාවන්ට අනුව බව ඉතා හොඳින් පැහැදිලි වන බවද එම නියෝජිතවරයා පෙන්වා දෙයි.
ජනාධිපතිවරයාගේ තීරණවලට අභියෝග කිරීම, විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් පාර්ලිමේන්තුව තුළට ගෙනැවිත් රට තුළ අභ්‍යන්තර අර්බුදයක් තිබෙන බවට ජාත්‍යන්තරය වෙත මතයක් ගෙන යෑමට අවශ්‍ය කරන පසුබිම සැකසීම, එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබාදෙන උපදෙස් අනුව කටයුතු කිරීම ඇතුළු චෝදනා රැසක් කෙටුම්පත් කරනු ලබන විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කර තිබෙන බවද ආණ්ඩු පක්‍ෂයේ නියෝජිතයා සඳහන් කෙළේය.
පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂයට සිදුවූ අසාධාරණකම් ඉදිරියේ මුනිවත රැකීමට ක්‍රියා කළ කථානායක කරු ජයසූරිය මහතා ඒ අවස්ථාවේදී මෙන්ම මේ අවස්ථාවේදීත් එක්සත් ජාතික පක්‍ෂයේ වුවමනාවන් වෙනුවෙන් කටයුතු කිරීම ඉතා කනගාටුදායක කරුණක් බවද එම නියෝජිතයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...