දේශීය පුවත්

දුරකතන සේවා සඳහා පනවා ඇති බදු සැලකිල්ලට ගෙන 25% ක්ව පැවති විදුලි සංදේශ බද්ද 15% දක්වා අඩු කර තිබේ.

මූල්‍ය ආයතනයක පවත්වාගෙන යන ඉතිරි කිරීම් සහ ස්ථාවර තැන්පතු මත ලැබෙන පොළිය මින් ඉදිරියට රඳවා ගැනීමේ බදුවලින් නිදහස් ය.

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ වගා හානි වූ ගොවීන්ට සහ කුඩා වී මෝල් හිමියන්ට පසුගිය වසර 3 ක කාලය තුළ වාණිජ බැංකුවලින් ලබා දුන් රුපියල් මිලියන 50ක් දක්වා වන ණය මුදල් සඳහා වූ පොළිය සහ දඩ සම්පූර්ණයෙන්ම කපා හැර තිබේ

ඒ සඳහා වන පිරිවැය රජය විසින් දරණු ඇති.

පරිප්පු සහ කඩල කිලෝග්‍රෑමයකට රුපියල් 5කින් ද, උඳු කිලෝග්‍රෑමයකට රුපියල් 25කින් ද විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කර තිබේ.

තිරිඟු ඇට සඳහා පැවති කිලෝග්‍රෑමයකට රුපියල් 6ක් වූ තීරු බදු සහනය රුපියල් 9ක් දක්වා වැඩි කර ඇතැයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ ය.

සීනි සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කර ඇත්තේ කිලෝග්‍රෑමයකට රුපියල් 10කිනි.

වී වගාව සඳහා දෙනු ලබන කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක මිල ඉදිරියටත් රුපියල් 500ක් ලෙස පවත්වාගෙන යනු ඇති.

රුපියල් 1500ක්ව පැවති අනෙකුත් භෝග සඳහා වන කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක මිල රුපියල් 1000 ක් දක්වා අඩු කර තිබේ

සමෘද්ධිලාභීන්ට ලබා දෙන ණය අත්තිකාරම් උපරිම සීමාව වැඩි කර ඇත්තේ රුපියල් 10000කිනි.

කෘෂිකාර්මික ව්‍යාපාරවල නිරත පුද්ගලයින්ගේ ආදායම් මත බද්ද 24% සිට 14% ක් දක්වා අඩු කර තිබේ.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් යටතේ සමාගම්වලට පමණක් හිමි වූ 14% ක සහනදායී බදු අනුපාතය වෘත්තීය සේවා සපයන්නන් ඇතුළු සියලු පුද්ගලයින්ට හිමිවනු ඇති.

දේශීය ව්‍යවසායකයින්, වෘත්තිකයින් සහ විදේශයන්හි සේවය කරන පුද්ගලයින් ප්‍රේෂණය කරන මුදල් ද ආදායම් බද්දෙන් නිදහස් කර තිබේ.

වැට් බද්දට යටත් වීමට අවශ්‍ය සැපයුම් සීමාව වර්ෂයකට රුපියල් මිලියන 12 සිට රුපියල් මිලියන 24 ක් දක්වා වැඩි කෙරෙන්නේ, වක්‍ර බදු හේතුවෙන් ජනතාව පත්ව ඇති පීඩනය අවම කිරීමේ අරමුණින් ය.

තොග සහ සිල්ලර වෙළෙඳ අංශය වැට් බද්දට යටත් වීමට අවශ්‍ය සැපයුම් සීමාව ද වර්ෂයකට රුපියල් මිලියන 50 සිට රුපියල් මිලියන 100 ක් දක්වා වැඩි කර තිබේ.

15% ක්ව පැවති ඉරූ දැව ආනයනය මත වැට් බදු අනුපාතය 5% ක් දක්වා අඩු කළ බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේ ය.

අදාළ බදු සංශෝධන අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක අතර ඉදිරියේදී ඊට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිත ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More