ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රජයේ මුදල් අවභාවිත කළ බවට සැකකෙරෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ නීති පියවර ගැනීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ලබන 6 දින දක්වා මෙය වලංගුවන අතර අදාළ සිද්ධිය පිළිබඳව කටයුතු කිරීමට පොලීසියට ඉඩ ලබා දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන නියෝගය අද (29) දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල ඊයේ දිනයේ කියා සිටියේ මේ පිළිබඳව අද දිනයේ තීන්දුවක් ලබා දෙන බවයි.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ රජයේ මුදල් මිලියන 90 ක් අව භාවිතා කළ බව කියමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සූදානම් වන බවයි.
ඒ සඳහා පොදු දේපල පනත යටතේ සහතිකයක් මේ වන විටත් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති බවටද ජනාධිපති නීතිඥවරයා මෙහිදී සඳහන් කළේය.
මෙය මුළුමනින්ම සිවිල් ගණුදෙණුවක් බවද රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා තිබූ අතර පොදු දේපල පනත යටතේ සහතිකයක් ඉදිරිපත් කර ඇත්තේ පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීමේ චේතනාවෙන් බව ජනාධිපති නීතිඥවරයා ඊයේ දිනයේ සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...