දේශීය පුවත්

ජනාධිපතිවරයා ලෙස රටේ පවතින ප‍්‍රශ්න විසඳීමට තමන් ගන්නා පියවර සියල්ලක්ම ජාත්‍යන්තරයට කීමට අවශ්‍ය නැතැයි මෛත‍්‍රීපාල සිරිසේන මහතා වටහා ගත යුතු යැයි ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප‍්‍රකාශ කළේය.

අමරසේකර මහතා මේ අදහස් පළ කළේ රාජගිරිය, ජාතික සංවිධාන එකමුතුව ප‍්‍රධාන කාර්යාලයේ අද (1) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

පවතින්නේ රට අභ්‍යන්තරයේ ඇති දේශපාලන අර්බුදයක් වන බැවින් එය විසඳා ගැනීමට කරන්නේ කුමක් දැයි තානාපතිවරුන්ට මහ කොමසාරිස්වරුන්ට හෝ එක්සත් ජාතින්ගේ සංවිධානයට කිය කියා යායුතු නැතැයි ද අමරසේකර මහතා කීය.

ශ්‍රී ලංකාව කිසිදු රටක කොළනියක් නොව ස්වාධීන රාජ්‍යයක් බව එකී විජාතික බලවේගවලට කියා දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද හෙතම කියා සිටියේය.

පවතින්නේ රටේ අභ්‍යන්තර ප‍්‍රශ්නයක් වන බැවින් එය ඔවුන්ටම විසඳා ගන්නට ඉඩ දෙන්නැයි චීන තානාපතිවරයා පමණක් ප‍්‍රකාශ කර ඇති බව පෙන්වා දුන් අමරසේකර මහතා විජාතික බලවේග බොහොමයක් එදා ප‍්‍රභාකරන් බේරාගන්නට පැමිණියාක් මෙන් රටේ ප‍්‍රශ්නවලට මැදිහත් වී සිටින්නේ යැයි ද පැවසීය.

’රටේ ප්‍රශ්න විසඳන හැටි ලෝකයාට කියන්න ඕන නෑ’

’රටේ ප්‍රශ්න විසඳන හැටි ලෝකයාට කියන්න ඕන නෑ’ආචාර්ය ගුණදාස අමරසේකර

Gepostet von Lanka Lead News am Donnerstag, 1. November 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More