ලබන 16 වනදාට කල් තැබු පාර්ලිමේන්තුව ලබන 05වනදා පැවැත්වීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එකඟතාව පළ කර ඇත්තේ එම පාර්ශවය බහුතරය දිනා ගැනීමේ 100% ක්ම විශ්වාසනීය බව තහවුරු වීමෙන් අනතුරුව බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
එසේම අද සවස සහ හෙට දිනය ඇතුළත සියළු ඇමැති ධූර දිවුරුම් දිම් කටයුතු සිදු කරන බව ජනාධිපතිවරයාට සමීප ආරාංචි මාර්ග කියා සිටියේය. ඒ අනුව මෛත්‍රි පාර්ශවයේ සිටින දුමින්ද දිසානායක ඇතුළු පිරිසට කැබිනට් අමාත්‍ය ධුර හිමි වන බව එම ආරංචි වැඩිදුරටත් කියා සිටියේය.
එසේම නියෝජ්‍ය ඇමැතිවරුන් ඇතුළු ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ලබන 05වනදාට ප්‍රථම රැස්වන බවත්, එක්සත් ජාතික පක්ෂයේ තවත් පිරිසකට ද අමාත්‍ය ධුර පිරිනමන බවත් වාර්තා වේ. ඒ අනුව පාර්මේන්තුවේ බහුතරය දිනා ගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මහින්ද පාර්ශවයට ඇති හැකියාව තහවුරු කරගෙන ඇති බව එම ආරංචි මාර්ග කියා සිටියේය.
ජනපතිවරයා අගමැති රනිල් වුවහොත් ධූරයෙන් අස්වන බව පවසා ඇත්තේද බහුතරය තහවුරු වීමෙන් පසු බව ජනාධීපතිවරයාට සමීප ආරංචිමාර්ග සදහන් කරයි.
තව ද මෙම බහුතරය අතර මුස්ලිම් පක්ෂයක් නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 ක් මේ වන විට මහින්ද මහතා සමඟ අත්වැල් බැඳ ගැනීමට ස්ථීර වශයෙන්ම කැමැත්ත පළ කර ඇති බවත් පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයා සම්බන්ධයෙන් ඡන්දයක් පැවැත්වුවහොත් අනිවාර්යෙන්ම මෛත්‍රි – මහින්ද පාර්ශවය බහුතර දිනා ගන්නා බවත් තහවුරු කරගෙන තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති තනතුර නැවත ලබා දීම සඳහා හිටපු ජනාධීපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ උත්සාහය සම්පුර්ණයෙන්ම අසාර්ථක වී ඇත. මේ අතර එක්සත් ජාතික පක්ෂයේම පිරිස් අගමැති වශයෙන් මහින්දව පිළිගන්නා අවස්ථාවකදී තමාට ද කිසිවක් තවදුරටත් කළ නොහැකි බව ඇය කියා සිටි බව එම ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් මේ වන විට සමස්ත එක්සත් ජාතික පක්ෂයම රටේ අගමැති මහින්ද රාජපක්ෂ බව පිළිගෙන ඇති බවත් පාර්ලිමේන්තුවේ අගමැති පුටුව ඇතුළු වරප්‍රසාද ලබා දීමේන් පැහැදිලි වන්නේ අගමැති ධුරය මහින්දට හිමි බව යැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...