ව්‍යාපාරික පුවත්

ඩොලරය 177ත් පනී

November 1, 2018 11:53 am | Lanka Lead News

ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය අද (1) 177 සීමාව ඉක්මවා ගියේය.

මේ අනුව ශ්‍රී ලංකා රුපියල මේ සතියේ අඛණ්ඩව තෙවැනි දිනටත් අවප්‍රමාණය වූ අතර රුපියලේ අගය මෙතරම් පහළ වැටුණු පළමු අවස්ථාව මෙය විය.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (1) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයකට විකුණුම් අගය රුපියල් 177.32ක් ලෙස දැක්වුණු අතර ගැනුම් මිල 173.42ක් ලෙස දැක්විණි.

ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 26 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 11.6කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකු දත්ත සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය ආර්ථිකය කෙරෙහි ඍණාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි එම අහිතකර තත්ත්වය මේ වනවිට සෙමින් වර්ධනය වෙමින් තිබෙන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ‘මූඩිස්’ ආයතනය පෙන්වාදෙයි.

මේ අතර ‘රිෆිනිටිව් ඉකෝන්’ දත්තවලට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලට එහි අගයෙන් සියයට 4.7ක් අහිමි වී තිබෙන අතර ශ්‍රී ලංකා රුපියල ඔක්තෝබර් මාසයේදී සියයට 2.4කින් දුර්වල වී ඇත. එම දත්තවලට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මේ වසරේ ගතවූ කාලයේදී සියයට 12.8කින් අවප්‍රමාණය වී ඇත.

‘රිෆිනිටිව් ඉකෝන්’ යනු ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ විශ්ලේෂණය කරන සහ ජාත්‍යන්තර මූල්‍ය දත්ත සපයන ආයතනයකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More