මහින්ද රාජපක්ෂ මහතා අග්‍රමාත්‍යවරයා ලෙස පත් කිරීමේ ජනපතිවරයාගේ තීරණයට එරෙහිව ඇතැම් විදෙස් රටවල් කිහිපයක් සිය අකමැත්ත ප්‍රකාශ කර තිබෙන බව කියවුණි. ජනපතිවරයාගේ එම තීරණයත් සමග ශ්‍රී ලංකාවේ පාලනය නැවතත් වෙනස් කිරීමට විදෙස් රටවල් උත්සාහ කරමින් සහ බලපෑම් කරමින් සිටින බවටද මාධ්‍ය වාර්තා පළවිය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව යනු ස්වාධීන රටක් ලෙස වෙනත් රටවලට ගැති වී සිටිය යුතු නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. රටේ ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදි අදහස් දැක්වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා
“විදේශ රටවල් වුනාම ඒකේ තියෙනවා චීනය, ඉන්දියාව, රුසියාව, ආසියානු රටවල්, මැදපෙරදිග රටවල්, අප්‍රිකානු රටවල් සියල්ලම විදෙස් රටවල්. නමුත් මේ බටහිර රටවල් වලට තමයි මේ විදේශීය බලපෑම් කියන්නේ. බටහිර රටවල් අපිට එදා ඉදලම බලපෑම් කළා. ලංකාවේ ඉතිහාසයේ එක්දහස් පන්සිය ගණන් වල ඉදලම විදේශීය රටවල් අපිට බලපෑම් කළා. අපිව යටත් කර ගත්තා, එදා ඉදලම ඔය බලපෑම කරනවා. නමුත් ඒ බලපෑම් වලට අනුව කිසිම රටක් වැඩ කරන්නේ නැහැ. හැම රටක්ම වැඩ කරන්නේ තමන්ගේ දේශීය අවශ්‍යතාවයන් අනුව.
පාර්ලිමේන්තුව කැඳවීමේ අයිතිය මම දන්න තරමට අපේ ව්‍යවස්ථාවෙන් හිමි වෙලා තියෙන්නේ ජනපතිවරයාට, ඇමෙරිකානු තානාපති කාර්යාලයට එහෙම පුලුවන්කමක් තියෙනවා කියලා මම නම් දන්නේ නෑ” යනුවෙන් ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...