එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(27) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.
පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මතුව ඇති කරුණු මෙන්ම දැනට ඡන්ද විමසීම පැවැත්වෙන පළාත්පාලන ආයතනවල මැතිවරණයට කුමන ආකාරයට මුහුණදෙන්නේද යන්න සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග පැවසීය.
පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකිරීමටද මෙහිදී අපේක්ෂා කරන බව වාර්තා වේ. එමෙන්ම පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට එරෙහිව ඉදිරිපත් ව ඇති විශ්වාසභංග යෝජනා පිළිබදවද මෙහිදි සාකච්ජා කිරිමට නියමිත බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...