එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත හානා සිංගර් (Hanaa Singer) මහත්මිය ඊයේ (31) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.
ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඇති වී තිඛෙන දේශපාලනික තත්ත්වය පිළිබදව මෙහි දී ජනාධිපතිතුමා නියෝජිතවරිය දැනුවත් කළ අතර, රජයේ සියලූ කටයුතු සිදු කර තිඛෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බව ද පැහැදිලි කළේ ය.
එමෙන්ම රටේ නීතිය සහ සාමය ආරක්ෂා කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ කටයුතු කරමින් සිටින බව සදහන් කළ ජනාධිපතිතුමා එක්සත් ජාතින්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට සෑම අවස්ථාවකම ලබා දෙන සහය ඇගැයීමට ලක් කළේ ය.
මෙහි දී අදහස් දැක්වූ හානා සිංගර් මහත්මිය සදහන් කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියට ද ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට සූදානම් බවයි.
– ජනාධිපති මාධ්‍ය අංශය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...